Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 22___________ ♡ __________
උදේ ආහාරය අරගෙන මින්ව කාමරේට පිටත් කරලා දැම්ම ජොන් ඔහුට ඉස්තරම්ම සේද ඇඳුමක් දීලා සූදානම් වෙන්න කිව්වා. මින් උදෑසන ඉඳන්ම ප්‍රශ්න සිය ගනනකට වඩා ජොන්ගෙන් පිළිතුරු බලාපොරොත්තු වුණත් ජොන් නම් එක වචනයක්වත් කතා කලේ නැහැ..ඔහු කිව්වෙ එකම දෙයයි..
" නෑ එපා.. කතා කරන්න තරම් අපි අතර සම්බන්ධයක් නැහැනෙ.."
එක අතකින් ජොන් කියපු කතාවෙ ඇත්තකුත් තිබුණා. මින්ට තමන්ට වුණ ප්‍රශ්නය ජොන්ට කියන්න තරම් ඔවුන් අතර සම්බන්ධයක් නැති නම් මින්ට ජොන්ට නවාතැන් දෙන්න ආහාර පාන දෙන්න ඔහුව සනසවන්න තිබුන සම්බන්ධකම මොකක්ද..?
මෘත ශරීරාගාරයේ තමන්ගෙ සොයොහුරාගෙ මෘත ශරීරය සම්බන්ධයෙන් කටයුතු කළ නිසාද.. ඒ මොන විකාරයක් ද..
එහෙම නෙවෙයි.. මෙතන දෙදෙනම වැරදියි. අපිට ඒ වැරැද්ද තේරුම් ගන්න අමාරුයි.. මොකද අපි හැමෝම වගේ බලන්නෙ එක් අයෙක්ගෙ කෝණයෙන්.. මෙතන ප්‍රභූවරයට පක්ශපාතී පාඨකයන් ඉන්නවා නම් මම මේ කියන දේ ඔයාලට හොඳටම වැටහේවි..
~~~~~~~~~~
" ජොන්..!! ජන්කුකා..!! මේ පතාක දොර.. අරිනවා..!!"
ජිමින්ට අමුත්තකුගෙ හඩක් ඇහෙද්දි ඔහු ඉක්මනින් සූදානම් වෙලා පිටතට පැමිණියා. ඒ වෙද්දි ජන්කුක් හිටියෙ පිට කබාය පළදින ගමන්..
" තමුසෙ දොර අරින්න විනාඩි දෙකක් ගත්තා මෝඩ නරියා.. අයින් වෙනවකො දොර ලග හිටගෙන ඉන්නෙ නැතුව.. මොන වදයක්ද මේ.."
ඒ ආවෙ ටිකක් කට සැර තරුනයෙක්. ඒ තමයි සමහර විට මුලු ලෝකෙන්ම ඉන්න කඩවසම්ම පිරිමියා. වෙන කිසිම සාක්ශියක් අවශ්‍ය නෑ. ඒ පුළුල් උරහිසම ඒ ගැන කියාපෑවා..
" හනේ ජන්කුකා.. මට චුට්ටක් මේ ටික ඇතුළට ගන්න උදව් වෙන්නකෝ.."
තවත් ගැඹුරු කටහඩක් පිටතින් ඇහුණා. පොඩ්ඩක් ඉන්න.. මේ කඩවසම් පිරිමින්ගෙ එකතුවක් වගේ දෙයක්ද.. එකපාර බැලුවම ඇස් දෙක අන්ධ වෙලා යන තරමෙ කඩවසම් බවක් පිරිමියකුගෙන්..! දෙවියනේ.. මේවා නම් බලන්න වටින ආශ්චර්'යයන්..
YOU ARE READING
IDELLIC TEAR | JIKOOK AU | ✔️
Fanfictionමා දෑසින් සදහට නික්මූ සාමකාමීම කදුල ඔබ.. It's you ~ The most peaceful tear My eyes ever gained.. ~~ JIKOOK AU Top - Jungkook Jeon Bottom - Ji Min Park - JM, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~