_Chapter 23_

312 98 118
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 23

___________ ♡ __________

උදෑසන කුඩා සාදය අවසන් වෙලා වැඩ කටයුතු සම්පූර්'ණයෙන්ම නිම වුණත් මින් තවමත් පියවි තත්ත්වයට ඇවිත් තිබුනෙ නෑ. කිම් සහෝදරයන් දෙදෙනා ඒ වන විටත් ජොන් මන්දිරයෙන් පිටව ගිහින් තිබුණෙ ඔවුන් තමන්ගෙ රැකියා නිසා කාර්'යබහුල ජීවිත ගත කරපු නිසා..

මින්ට දැනුනෙ හැමදේම පැටලිලා වගේ.. ඒක වචන වලින් පැහැදිලි කරන්න තරම් ඔහුට තේරුමක් තිබුණෙ නෑ. මොන දේ වුණත් ඔහු තේරුම් අරගෙන තිබුණා ජොන් මහත්මයා කියන්නෙ තමන් හිතන් ඉන්නවට වඩා ගතිගුණ වලින් වගේම පවුල් පසුබිමෙන් පවා වෙනස් කෙනෙක් කියන්න..

කොහොම වුණත් ඒ වෙද්දි නීතියෙන් තමන් ජොන් ජී මින් වෙලා තිබුන නිසා ඔහු ලොකු දේවල් වලින් මනස කඩා වට්ට ගන්න උත්සාහ කලේ නෑ.. ඔහුට ඕනි වෙලා තිබුනෙ සැහැල්ලුවෙන් හිනාවෙන්න..

~~~~~~~~~~

විසිත්ත කාමරයෙ සැපපහසු විශාල සෝෆාවක කොනකට ගුලි ගැහිලා මින් දනිස් ඇතුලෙ මූණ හන්ගගෙන කල්පනා කරමින් හිටියා. වෙලාව රාත්‍රී හතත් පසුවෙලා.

සැහැල්ලු කලු කලිසමකින් සහ කමිසයකින් සැරසුණු ජොන් උණු කෝපි කෝප්ප දෙකක් අරගෙන මින් අසලට පැමිණියේ ඔය අතරෙදි.

" ජිමිනී..?"

කෝපි කෝප්ප දෙක කුඩා ටීපෝව මත තබපු ජන්කුක් හුරුබුහුටි තරුණයා අසලින් වාඩි වුනා. කදුලු පාරවල් ඒ කම්මුල් මත දකින්න තිබුනෙ නැතත් ඇස් වල තවමත් අඩපු පාට පේන්න තිබුන එක ජොන්ට ගෙනාවෙ සන්තාපයක්..

" මගේ ජිමිනී..~"

ජොන්ගෙ චූටි චූටි හාදු වලින් මින්ගෙ හුරුබුහුටි මුහුණ කිතිකැවෙද්දි ඔහු හයියෙන් හිනාවෙලා අර පළල් පපුව ඇතුලෙ මූන ඔබා ගත්තා.

" අපිට දැන් මුලු ජීවිත කාලෙම කතා කරන්න පුලුවන්.. දැන් ඔයා මින් නෙවෙයි.. මගේ ජිමිනී.. දන්නවද..? මට ඔයාට ජිමින් කියලා කතා කරන්න ඕනි වුනේ අපි හමුවුණ මුල් දවස් වල.. ඒත් අපි එතරම් සමීප නැහැනේ.."

ජොන් හුරුබුහුටි තරුණයව තුරුලු කරගෙන ඒ බ්ලොන්ද් වර්'ණ හිසකෙස් අතරින් තමන්ගෙ සිහින් ඇගිලි යැව්වා..

IDELLIC TEAR | JIKOOK AU | ✔️Donde viven las historias. Descúbrelo ahora