ඇත්තම ඇත්ත හාදු

816 117 33
                                    

කෙනෙක් නොනවත්වාම දොරට ගහන්න ගත්තු සද්දෙට ගැස්සිලා කල්පනාවක හිටපු මගෙ අතින් රෙකෝඩර් එක බිම වැටිලා සීසීකඩ වෙද්දි මං ඒක එහෙමම තියලා පහළට ගිහින් දොර ඇරියා.. ඇවිත් හිටපු කෙනා දැක්කම කකුල් දෙක පණ නැතුව ගිහින් මං අඩමානෙට බිත්තියට වාරු වුණා..

යුන්මි නූනා.. දෙයියනේ මෙයා තව සතියකින් දෙකකින්නෙ එනවා කිවුවෙ. නූනා මාවත් පැත්තකට තල්ලු කරගෙන ගේ ඇතුළට එනවත්තෙක්කම හ්‍යොං පඩිපෙළ බැහැගෙන පහලට ආවා.. අනේ ඒ ඇස්වල ආදරේ උතුරනවා..

"මැණික ඔයා ආවද?"

හ්‍යොංගෙ තොල් නූනගෙ තොල් එක්ක මහ හදිස්සියෙන් පැටලෙන ගමන් සද්දෙට ඇහෙන හාදු ගොඩක් අස්සෙන් මිමිණුවා..

"ආදරෙයි පණ"

මගෙ පපුව හත අටකට පැලෙද්දි හ්‍යොං එයාගෙ ඉන දෙපැත්තෙන් දෑත් යවපු නූනව තවත් ඇගට තද කරගෙන සුදු බෙල්ල දිගට හාදු මහ ගොඩක් තිබ්බා.. අනේ මාව මෙහෙම පුච්චන්න එපා රත්තරනේ.. නූනගෙ ආදරේ පිරුණු කෙඳිරිලි සද්ද මැද්දෙන් මං හරි බරට හුස්ම ඇද්දා...

කඳුළුවලටම පෙගිච්ච කොට්ටෙ කෙලවරකට චප්ප වෙච්ච කම්මුල් දිගට සීතල ඇඟිලි තුඩු එහෙමෙහෙ යනවා දැනෙද්දි මං ගැස්සිලා ඇහැරුනා.. දෙයියනේ ඒක හීනයක්.. රැයක් එළි වෙන පුරාවට දැකපු පපුව රිද්දන නපුරුම නපුරු හීනයක්...

සැනසිලි හුස්මකින් හොදටම පෙනහලු පුරවගත්තු මම කලබලෙන් ම මගෙ මූණ පුරාවට එහෙමෙහෙ දුවපු ඇඟිලිවල අයිතිකාරයා හෙව්වා..

ඒ හිටියෙ එයා... අනේ ඔයා ඇත්තටම ඔතන ඉන්නවද හ්‍යොං.. නැත්තන් මේකත් ලෝබ පාට හීනයක් විතරයි ද??? අහ් ඒ ඇස්.. ඒවා මාව දැක්කම ලැජ්ජාව මුහුවෙච්ච බයකින් පිරිලා ගියා.. ඒ සීතල ඇඟිලි තුඩු හරි ඉක්මනට මගෙන් ඈත් උනා..

"ම්.. මං... මේ.. ඔ.. ඔයාට අද මාත්තෙක්ක කොලේජ් යන්න වෙන්නෙ. ඉක්මනට ලෑස්ති වෙන්න."

ඇස්වල මහා වරදකාරී හැඟීමක් පුරවගෙන අතට ගුලි වෙච්ච රෙකෝඩර් එක මේසෙ කෙලවරකින් තියන ගමන් එයා ගොත ගගහා මිමිණුවා.. එයා ඒක ඕෆ් කරලා.. මං නිදාගද්දි ඒක දිගටම ප්ලේ වෙවී තිබුනෙ.

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now