මගෙ හැමදේම ඔයා

741 122 35
                                    

මං ඉස්සර ඉදන්ම හීන මැව්වෙ අපේ පැටියෙක් වෙනුවෙන් මෙහෙම දේවල් කරන්න හ්‍යොං. ඔයාගෙ ලේවලින් මගෙ බඩේ හැදිච්ච කිරිකැටියෙක් ගැන මං ඕනෙවටත් වඩා හීන මවලා තිබුනෙ. සමහරවිට ඒවා හීනම විතරක් වෙයි.

කමක් නෑ නූමිත් අපේනෙ.. ඒත් දවසක යුන්මි නූනා ආවම ඔය දෙන්නව මට නැතිවෙයි. දෝනි කොහොමත් එයාගෙනෙ. කෙල්ල ඔයා නැතුව ඉන්නෙත් නෑනෙ. ප්‍රින්සස්ට ගත්තු සෙල්ලම් බඩු කෑම ජාති ඔක්කොටම උඩින් ලොකු අයිස්ක්‍රීම් කප් තුනක් තියන ගමන් මං හිමීට හිමීට හිතුවා.

"ඔච්චර අයිස්ක්‍රීම් ගන්න එපා එතකොට එයාට ඔක්කොම එකපාර කාලා දාන්න ඕනෙ වෙනවා.."

කන්පෙත්තක සීතල තොල් වැදි වැදී ඇහුනු හ්‍යොංගෙ කටහඩට මං ගැස්සුනා.. එයා කොයිවෙලාවෙද මෙතනට ආවෙ. කාත්තෙක්කදෝ කෝල් එකක දුර ඈතකනෙ හිටියෙ.

"අහ්.. මේ අම්.. අ..අරන් ගිහින් හංගලා තියලා ටික ටික දෙමු. එ..එයා ආසයිනෙ."

"නූමිගෙ ඔම්මටත් වඩා ඔයාට එයාව තේරෙනවා."

එයා මහ වේදනාවක් ගෑවිච්ච කටහඬකින් බර හුස්මක් එක්ක හෙමීට මිමිණුවා. අනේ ඔයා නූනා එක්ක සතුටින් නෙවෙයිද රත්තරන්.. ඒ ඇස් හරි සීතලයි. පපුව අස්සෙ දඟලන කිසිම හැඟීමක් පිටට නොපෙනෙන තරමට ගල් ගැහිච්ච සීතලක් ඒ ඇස්වල තිබුනෙ..

"ත්.. තව මොනවද ගන්න ඕනෙ හ්‍යොං..?"

"කෙල්ලටයි මටයි ආදරේ ඕනෙ.. මේවගෙ ගන්න තියෙයිද කූ?"

දෙයියනේ ඔයා මොනවද රත්තරනේ මේ කියන්නෙ.. මට හ්‍යොංව රිදෙන්නම තුරුල් කරගන්න ඕනෙ උනත් වෙව්ලන අත් දෙක එකට ගුලිකරන් මං දිගටම බිම බලන් හිටියා. ඇස් දිගට ගලන කඳුළු කම්මුල් තෙත් කරද්දි එයාගෙ ගොරෝසුවට දැනෙන ඇඟිලි තුඩු මගෙ කම්මුල් රෝස කර කර එහෙමෙහෙ දිව්වා..

"හැමදේටම අඬන්න තියාගන්න එපා. නොකිව්වට එතකොට මෙතන පැලෙන්න තරමට රිදෙනවා.."

එයා පපුවට තට්ටු කර කර මගෙ ඇස් අස්සටම එබීගෙන රහසින් මිමිණුවා.. අනේ අපිට මේ මොකක්ද උනේ රත්තරනේ..? කොච්චර සැනසිල්ලේ ගෙවන්න තිබ්බ ජීවිතද මේ..

"යං. මේ ඇති."

නූමි වෙනුවෙන් ගත්තු මහ ගොඩක් දේවල් බරට උස්සගෙන මෝල් එකෙන් එළියට එද්දි ඒවා අරන් යන්න ජෝජ් ඇවිත් හිටියා..

Love Me Like You Do || Complete || ✅Where stories live. Discover now