" සැප්තැම්බරය අවසන් වූ පසු මා අවදිකරවන්න "
2003 -
එවන් කහපාට කැනෝලා මල් යායක් මැද ජෙමීව සිප ගන්න ගමන් වැලදගනිමින්,
" ඔයා දන්නවද ජෙනී... මිනිස්සු කියනවා.. ජීවිතේ කෙටීලූ... අපි දවසක ඇහැරිලා බලද්දි.. අපේ හීන.. අපි ආස කරපු දේවල්.. හැමදේම අපිව දාලා යනවලූ..තව ඔයා දන්නවද.. මිනිස්සු වයසට යනවා.. එන්න එන්නම හැමදේම වෙනස් වෙනවා... ඒ නිසා මට.... මට ඕන මේ මොහොත... අද දවස.. මේ මොහොතෙ ජීවත් වෙන්න.. ඔයා වෙනුවෙන් තියෙන මගේ හැගීම්... ඒවගේම ඔයා මං දිහා දැන් බලන් ඉන්න විදිහ.. මං ඔයා දිහා බලන් ඉන්න විදිහ... මට මේ දේ මගේ ජීවිතේ අවසන් වෙනකම් හැමදාටම ඕන "
" ඉතින්.. ඒක එහෙන්ම වේවී... මම කියන්නෙ... කිසිම දේකින් කිසි දෙයක් වෙනස් නොවේවී.. කිසි දේකට අපිව වෙනස් කරන්න බැරි වේවී.. ඒත් මේ අහන්න.. මොන දේ වුනත් මතක තියාගන්න.. ඔයා වෙනුවෙන් ඕනම දේකට කෙනෙක් ඉන්නවා කියලා.. ම්ම්ම්... ඕනම වෙලාවක..... මම ඔයාව කවදාවත් දාලා යන්නෑ.. කවදාවත් නැහැ... මම ඔයාට ආදරෙයි... "
ජෙනීගෙ වදන් අවසන් වුනේ එවන්ගෙ තොල් උණුසුම් හාදුවකින් තෙත් කරලා...
" මං දන්නවා.. මං ඒක දන්නවා... '
එවන් ජෙනීව ලෝබ කමින් වැලදගන්න ගමන් ඇස් පියාගත්තේ හුලග දිගේ එන කැනෝලා මල් වල සුවද උඩට අදින ගමන්...
" මාව කවදාවත් දාලා යන්නෙපා එවන්... කවදාවත් එපා... "
" මට ඒක කරන්න ඕන නෑ... "
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මාස කිහිපයකට පසු ජෙනීගෙ දිනපොත දිගහැරුනි... 📒" එවනුයි මායි දැනගෙන ටික කාලයයි... ඒත් අපි තීරණය කලා එකට ජීවත් වෙන්න.. අපිට අපේ ගෙවල් වලින් ප්‍රශ්න තිබ්බෙත් නැහැ.. මං මගෙ බඩු සේරම අරන් එවන් එක්ක ආවෙ ආයෙ යන්න නම් නෙමෙ.. අපි ලස්සන පුංචි ගෙයක් අපි ගත්තා.. කැනෝලා මල් යාය පේන දුරින් පංදිචි වෙන්නයි මට ඕන වුනේ.. ඒකට එවන් කැමති වුනා..
අපි අපේ ගෙදර පුංචි පුංචි මතකයන් ගොඩකින් පුරවන්න ගත්තා... ඒත් මට අමතක කරන්න ඕන මතකයන් වුනෙත් ඒවමයි... ගිනි තියලා විසිකරන්න ඕන නිසා මම ඒවා මෙහෙම ලියන්න හිතුවා......
YOU ARE READING
Wake Up Me When SEPTEMBER Ends | OneShot
FanfictionGreen Day නම් ඇමෙරිකානු Rock සංගීත කණ්ඩායම විසින් 2003 වසරේදි එලිදැක් වූ Wake Me When September Ends ගීතයේ වීඩියෝ තිරරචනයෙ පසුබිම් කතාව මෙහි නිධාන කතාව ලෙස පාදක කරගත්තෙමි.. එවන් සහ ජෙනී 💔 Fanfiction by Masha