රාග ආශාවන්
මා පිරවූ තැන
වැරදුණු තරම්...🍂🍃🥀🍁හැමදාම මිනිස්සු යන එන මං මාවත් වල කොච්චර නම් අය, සමහරුන්ට මග ඇරෙන්න ඇතිද? ඒ අය හිතන්නෙ නැතුව තව කෙනෙක් ගෙ ඇඟේ හැප්පුණාම ' සමාවෙන්න ' යන කියමනත් එක්ක කතාබහ අවසන් වෙනවා. නන්නාඳුනන අය ගොඩක් ඒ විදිහට හමුවුනාම එතනින් එක්කෙනෙක් දෙන්නෙක් හරි අනාගතයේදී අපි හඳුනාගන්නවා. ඒකත් අහම්බෙන්. ඒකට තමයි ජීවිතයේ යථාර්ථය කියන්නේ.
ඒ ඇස්...
ඒ ඇස් විතරක් හඳුනද්දී ඒ ඇස් වල අයිතිකාරයා තමන්ව හඳුනන්නෙ නෑ. දැක්ක වගේ ම මතක තියෙන එකම දේ තමයි.
ඒ තද කලු පාට ඇස් දෙක.
ඒ හීනි ත් නොවන බෝල ත් නොවන දිලිසෙන ඇස් දෙක එක්ක ලස්සනට දිගු වුණු ඇස් පිහාටු ඒ ඇස් දෙක ලස්සන කලා. ඒත් ඒ කවුද?
උත්තරය දන්නේ නෑ.
හැමදාම කලබල වුණු හිතක් සන්සුන් කරන්න ඒ ඇස් දෙකට පුළුවන් වෙද්දි ඒ ඇස් දෙකේ අයිතිකාරයා බලන්නත් එදා ඉඳං හීන, බලාපොරොත්තු දැක්කා. ඒත් දැනගෙන හිටියෙ නැහැ ඒ ඇස් දෙක තමන්ගෙ නොවන බව, කවදාවත් නොලැබෙන බව. නමුත් එයට ආදරය කිරිම සම්පූර්ණයෙන් , අවංකව කලා.
" ජන්කුක්! "
හිරු බැහැගෙන යද්දි දකින්න ලැබෙන අපූර්ව දර්ශනය දිහා දැහැනකට සම වැදිලා වගේ බලාගෙන හිටපු ජන්කුක් මෙච්චර වෙලා හිටියෙ ලොකු කල්පනාවක ගිලිලා. නමුත් ඒ කල්පනාව නිසා ඔහුගෙ ඇස් දිලිසෙමින් තිබුණා.
හරි සිහියට ආපු ජන්කුක් පිටිපස්ස හැරිලා ජේ දිහා බැලුවා.
" මොනවාද කල්පනා කරන්නේ?"
ජේ ඇහුවේ කාමරයේ තිබුණු සෝෆා එකේ ඉඳගන්න ගමන්. ජන්කුක් ජේ ට එහාපැත්තේ ඉඳගෙන ඔලුව සෝෆා ඒකට හේත්තු කරගත්තා.
" මොනවාහරි කියන්නද ආවෙ?"
" නෑ නිකන් ආවෙ. ඒත් දෙයක් කියන්නත් තියෙනවා."
" මොකද්ද? "
ජන්කුක් ඇහුවේ ඇස් පියාගෙනමයි. ජේ පොඩ්ඩක් වෙලා ජන්කුක් දිහා බලාගෙන ඉඳලා කතා කරන්න ගත්තා.
YOU ARE READING
නුඹ තරම් ✔️
Fanfictionආලයේ තේරුම නොදැන කල සෙල්ලම් මා හද පතුලෙ හි දැවෙනවාක් මෙනි කළත් ඔබ හට දෙයක් එයම මා දැවීමට තැත් කරයි. ලියූ පෙම් කවියේ ඇති හිස්තැන් නිසා එය හිස් පිටුවකට පමණක් සීමා වුණා ප්රේමය නම් වූ මා සතු කවිය ඔබට භාර කරනුයේ අන් කිසිවෙකුත් නොවටිනා නිසා නුඹ තරම්...