𝐘𝐨𝐮𝐫 𝐏𝐥𝐚𝐜𝐞 🤍 ʷᵃⁿᵍˣⁱᵃⁿ

608 64 13
                                    

𝑌𝑜𝑢𝑟 𝑃𝑙𝑎𝑐𝑒 💙♥️🖤

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

𝑌𝑜𝑢𝑟 𝑃𝑙𝑎𝑐𝑒 💙♥️🖤

පළමු කතාංගය

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

"ඔයා හිතන්නේ handsome prince ගේ හොඳම යාලුවා කවුරු කියලද?"

"වෙන කවුද අර plain nerd Wei Wuxian මිසක්"

"ඉයෙව්....මොනවට prince ඒ උරුලෑ කොල්ලා ඒක්ක ඉන්නවද මන්දා?"

"මටත් ඒක හිතාගන්න බැහැ.... *මහා හඬින් සිනාසෙමින්* කොහොමහරි මම හිතන්නේ ඒ එයාලගේ family එක නිසා වෙන්න ඇති"

"පව් අනේ Wangji"

පන්ති කාමරයේ දොර මුල්ලට වී සැඟ වී සිටි විශාල කණ්නාඩි යුගලයක් පැලඳ සිටි තරුණයා වෙව්ලා ගියා. ඔහුට මේ වගේ දේවල් හොඳින් පුරුදුයි. ඒත් එහෙම උනත් එය ඇසෙන වාරයක් පාසා ඔහුගේ දෑස් වලට කඳුළු උනන එක ඔහුට කවදාවත් වලකා ගත නොහැකි වුනා. ඔහු කාටවත් නොපෙනෙන ලෙස ඉක්මනින් එතනින් පැන දිව ගියේ ඒ නිසයි.

Lan Wangji සහා Wei Wuxian යනු සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගතිගුණ වලින් පිරුණු ඒත් එක්කෙනාට එක්කෙනා ඈත් වෙන්නට නොහැකි තරම් බැඳුණු හොඳම යාලුවන් දෙදෙනෙක්. ඔවුන් මුලින්ම හමුවන්නේ ඔවුන් ගේ මව් වරුන් දෙදෙනා ම හොඳම යාලුවන් වීම නිසයි. ඔවුන් දෙන්නා පුංචි කාලේ ඉඳන් සෙල්ලම් කලේ, රණ්ඩු උනේ, ඇඬුවේ හිනා වුනේ එකටමයි. ඔවුන් බෙදා නොගත්‍තු දෙයක් නැති තරමට එකිනෙකා කෙරෙහි ලෙන්ගතුයි.

ඒත් කුඩා කාලයේදී හුරුබුහුටි, නිතර සිනාසෙන, ආකර්ෂණීය දරුවෙකු වුනු Wei Ying වයසින් වැඩිවෙන්නට පටන් ගත් විට ඔහු ටිකෙන් ටික ඔහුගේම කටුවකට වැදෙන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම ඔවුන් ගේ ද්විතීක පාසලට පැමිණෙන විට ඔහුගේ මේ ඉබි කටුව තව තවත් වර්ධනය වෙන්නට වුනේ කිසිවෙක්ට කිසිවක් සිතාගන්නට බැරිවයි. එහෙත් Lan Zhan තවමත් ඔහුගේ පෙර පරිදිමයි ජීවත් වන්නේ. නිශ්ශබ්දයි වගේම ඔහුගේ දීප්තිමත් භාවයත් දක්ෂ කමත් එහෙමම මයි.

𝐎𝐧𝐜𝐞 𝐔𝐩𝐨𝐧💙♥𝓐 𝓣𝓲𝓶𝓮 ᶜᵒˡˡᵉᶜᵗⁱᵒⁿOù les histoires vivent. Découvrez maintenant