255 57 17
                                    














"ජිමින්.....?"

"මං වැඩක ඉන්නෙ.. දැන් කතා කරන්න බෑ..."

"ඇයි ඇයි ඇයි?? මං උදේ ඉදලා calls ගන්නෙ... ඇයි මට මෙහෙම කරන්නෙ...?"

"දවසම ඔහොම අඩන්නද call කරෙ...? ඇයි පොඩි බබෙක් වගෙ අඩන්නෙ හයිසු ??"

"මට අඩන්න ඕනෙ නෑ..."

"එහෙනම්.. ගත්තෙ..?"

"ඇයි ඔහොම කතා කරන්නෙ..."

"...කොහොමද කතා කරන්න කියන්නෙ??තියන්න 4neka. මං පස්සෙ ගන්නම්..."

"ජිමින්.... ටිකක් ඉන්න......."

ජිමින්ම 4neka කට් කරාම ඇ ස් වලින් නොදැනිම කදුළු බේරෙන්න ගත්තා. 4neka තාමත් කනෙ තියාගෙන ඇදෙ ඉදන්ම බැල්කනියෙ වීදුරුව දිගෙ රූටලා වැටෙන වැහි බිංදු දිහා බලන් හිටියෙ ඒවා හරියට ගනන් කරන්න පුළුවන් වගෙ... එහෙම දවසම ඉන්න පුළුවන්ද.. එහෙම බැරි නිසාමද කොහෙද කොට්ටෙට මූණ තද කරන් ඉදලා හයියෙන් හුස්ම ගමන් ඉකි ගහන්න ගත්තෙ අවුරුදු තුනක් පුරාවට ජිමින් එක්ක තිබ්බ ආදරය, ජීවිතය , හීන මේ හැම දෙයක්ම ඉවර වෙන්නද හදන්නෙ කියන බයෙන්...

ජිමින් ගොඩක් bc කෙනෙක්. ජිමින් south korea වල ඉන්න ලෝකේ පුරාම ලොකු ෆෑන් බේස් එකක් හදාගත්තු Solo singer කෙනෙක්. ජිමින් × හයිසූ (hyesoo) දෙන්නා marry කරේ ආදරේ කරලා. Marry කරලා එච්චර කාලයක් නැති උනත් මේ දෙන්නගෙ ඒ ආදරේට දැනට අවුරුදු තුනක්. හයිසු ගොඩක් අහිංසක හුරතල් කෙල්ලෙක්.. ජිමින්ගෙ හැමදේකටම හයිසූ එයාට පුළුවන් හැම විදිහකින්ම සපෝට් කරලා හැමවෙලේම ජිමින් පිටිපස්සෙන් හිටියා. ඒවගේම ජිමින් ගොඩක්ම ඉන්නෙ සොවුල් වල. ජිමින් හයිසු එක්ක අලුත් ජීවිතේ පටන්ගත්තෙ බුසාන් වලින්. ඉතින් ජිමින් සොවුල් ඉන්න නිසා එයා එනකන් දවස් ගනන් සති ගනන් පවා බලන් ඉන්න වෙලා.

හයිසු කියන්නෙ ඉස්සර ජිමින්ගෙ හැමදේම එයාගෙ ආදරෙ සැනසීම මේ හැමදේම. ඒත් දැන් ඒක ටිකෙන් ටික වෙනස් වෙන්න අරන්. හයිසු ජිමින්ට ආදරෙ කරේ එයා ගැන හොදට දැනගෙන. ජිමින් දැනට හයිසු එක්ක කතා කරලා හරියටම සතියක් විතර වෙනවා. ජිමින් ආයෙමත් බුසාන් එනවා කිව්ව දවසත් පහුවෙලා. හයිසු ඒකත් එච්චර වැඩිය ගනන් ගත්තෙ නැත්තෙ ජිමින් ගැන දන්න නිසාමයි.

HAPPY BIRTHDAY|PJMᵒⁿᵉˢʰᵒᵗWhere stories live. Discover now