🐱 Chapter 05 🐱

1.7K 359 24
                                    

Xiao Zhan's P.O.V

හෙට ඉදන් වැඩට එන්න කියනකොට හිතට දැනුනේ කියාගන්න බැරි සතුටක්.. අන්තිම ජොබ් එක නැති වුනාට පස්සේ ජොබ් එකක් හොයන්න මොන තරම් නම් මම කට්ට කෑවද..

' අර මනුස්සයා කිව්ව විදිහට මගේ වාසනාව එන්නේ රවුම් වෙලද කොහෙද... '

මාස දෙකකට පස්සේ ජොබක් සෙට් වුන සතුටට බෝඩිමට ආවා ගමන් මම ෆෝන් එක එලියට ගත්තා ටික් ටොක් එකක් කරන්න...

මට කියලා තියෙන එකම විනෝදාංශය.. චූටීම සතුටක් හිතට දැනුනම මම ටික් ටොක් එකක් කරනවා..

ඔය විව්ස් ,ලයික්ස් බලන් කරන ඒවා නෙමෙයි හිතේ සතුටට දන්නේ නැද්ද ඔය පොඩි විඩියෝ කෑල්ලක් දානවා..

ෆලෝවස්ලා තුන්සීය ගානක් ඉන්නවා..ඒත් ඉතින් බිලියන එකහමාරකට ආසන්නව ඉන්න රටක ඔය සොච්චම මොකක්ද..

' ඒ ටික හරි මං කරන දෙයක් අගයනවනේ...මට ඒක සතුටක්.. '

අරුන් තුන්දෙනා තාම ඇවිත් නැති නිසා ඉක්මනට විඩියෝ එක කරලා එඩිට් පාරක් දාලා අප්ලෝඩ් කලා..

උන් මාව ටික්ටොක් කරන එකටත් විහිලුවට ගන්නවා... උන්ගේ ඉස්සරහ ටික් ටොක් එකක් කරනවා කියන්නේ ගමක් මැද්දේ හෙලුවෙන් යනවා වගේ තමයි...මාව චාර්ටර්ම කරලා දායි..

" අඩෝ කලුවෝ..කවුද බන් උබට ජොබක් දුන්න එකා... "

ෂාවෝ නෝන්ඩියට ඇහුවේ උදෙන්ම නැගිටලා පලවෙනි දවසේ වැඩට යන්න ලැස්ති වෙන මගෙන්..

උන් තුන්දෙනා කැම්පස් යන්න ලැස්ති වෙනවා..

" ඔව් බන්..මට එකක් හම්බුනා... "

" මම නම් හිතුවේ මේ පාර ජොබක් නැතුව උබටම ම එපා වෙලා ගමේ යයි කියලා.. "

යුආන්ට මම උත්තර නොදී යාන්තමට හිනා වුනා..  ෂී යි , ෂාවෝයි මට විහිලු කරන්න ලැබෙන හැම තප්පරේකම මාව නෝන්ඩි කලාට යුආන් එහෙම ගොඩාක් හිත රිදෙන්න මට විහිලු කරලා නැහැ..

' හැබැයි ඌ අනිත් වුන්ව නැවැත්තුවෙත් නැහැ උන් එක්ක හිනා වුනා මිසක්... '

" මූට ඔය ජොබ හම්බුනාට මූ හින්දම ඔය තැනත් වහන්න වෙනවා.මම බොරුද කියන්නේ බලපන්කෝ.. කඩේ අයිතිකාරයාව මම දන්නවනම් හොයන් ගිහින් කියනවා මූව වැඩට ගන්න එපා කියලා.. "

Black Cat ( YIZHAN FF ) ✔️✔️Tempat cerita menjadi hidup. Temukan sekarang