Chapter 44

6.2K 547 49
                                    

නාගෙන bathroom එකෙන් පිටතට පැමිණි ජාන්ට යීබෝගේ මෘදු දෙතොලේ පහස උරහිසට දැනුනි.

"සුදු නෝනා..."

" මං ඔයාගේ සුදු නෝනා කියලා ඔයාට අමතක වෙලානේ දැන්.."

" ඒ කතාව මොකක්ද සුදු නෝනා...මං මොකක් හරි වරදක් කරාද..?"

" ම්හ්ම්....මං සුදු නෝනා නම් ඇයි මා ළඟට එන්නේ නැත්තේ දැන්...?"

" ඇයි වස්තුවේ මං දැන් මේ ඉන්නේ ළඟ නෙවෙයිද?"

" එහෙම නෙවෙයි අනේ....අදේදී..."

" ඉතින් ඇදෙත් එක ළඟ නෙවෙයිද අපි දෙන්නා ඉන්නේ...මෙන්න මේ බණ්ඩිගෙඩිය ලොකු උනා කියලා මං මොනා කරන්නද..?"

" දැන් මගේ බඩ ලොකු වෙලා නිසාද එන්නේ නැත්තේ මා ගාවට..? "

යීබෝ ඇසුවේ ජාන්ගේ එදිරිපසට එමිනි.

" ඔව් ඉතින්..ඕක නිසානේ කලින් වගේ තුරුල් කරගන්න බැරි...ඒ කියලා මං අතහරිනවද..?පිටිපස්සෙන් තුරුල් කර ගන්නවනේ සුදු නෝනාව.."

" ඒක ඉතින් ඕන කෙනෙකුට කරන්න පුළුවන්නේ..නල්ලමලේ husband කෙනෙක් ඕනි ඇයි..?"

" මොකක්ද දැන් උඹ ඔය කියන්න හදන්නේ යීබෝ..?"

ජාන් ඇසුවේ කෝපයෙනි.

" දැක්කනේ...දැන් පොඩ්ඩක් මේවා උන ගමන් කෑ ගහනවා..මං බොරුද කියන්නේ මට ආදරේ නෑ කියලා... *hiccups* ....ඇයි දැන් කියන්න *hic* බැරි ඔයාට මාව තුරුල් කර ගන්න පුළුවන් ඔයාට විතරයි කියලා...*hic* වෙන උන්ට තුරුල් වෙන්න යන්න එපා මං තෝව හමගහනවා කියලා... *hic*...ඔයා දැන් මට ආදරේ නෑ... *hic* ...මං දන්නවා...මං දන්නවා..."

යීබෝ ඉකිගසමින් අඩන දෙස ජාන් බලා සිටියේ තුෂ්නිම්භූතවය.මේ මොන මඟුලක් අල්ලාගෙන කියවනවදෝයි ජාන්ට නොවැටහේ.

යීබෝ අඩන ගමන්ම යන්තම් දෑස් ඔසවා ජාන් දෙස බලා තවත් හයියෙන් අඩන්නට පටන් ගත්තේ ජාන්ව තවත් අසරණ කරමිනි.

" දෙවියන්ට තිබ්බා husbandලාට කාලය හරහා ගමන් කරන්න බලය දෙන්න...එහෙම උනා නම් bathroom එක ඇතුලටම වෙලා ඉන්න තිබ්බා එළියට එන්නේ නැතුව..." ජාන් තමාටම කියා ගත්තේ දෙවියන්ට හෙන ඉල්ලමිනි.

" දැන්..... *hic* අඩද්දි නාඩා ඉන්න කියන්නෙත් නෑ...ගල් ගිල්ල මොකාද එකා වගේ ඉන්නෝ... *hic*.... ඇයි මට මෙහෙම කරන්නේ දෙවියනේ... *hic* ඇයි මාව කැත කලේ....අයියෝ.... එයාට දැන් මාව ඕනි නෑ...දැන් මාස ගාණක් තිස්සේ *hic* මගේ ළඟට ආවේ නෑ...මව ළඟට ගත්තේ නෑ... *hic*..."

නුඹට පමණයි (Zhanyi)(21+)Dove le storie prendono vita. Scoprilo ora