" සුදු නෝනා...ඔයා ඕකට යනවට මං කොහෙත්ම කැමති නෑ.. "
" ඔයත් එනවනේ චූටි..."
" තව සතියයි date එකට..මං හිටියත් මට බයයි යීබෝ..."
" මට මොනා වෙන්නද අනේ..."
" ලොකු crowd එකක්,සද්ද වැඩි...ඒ අස්සේ ඇයි සින්දුවක් කියන්න බාර ගත්තේ..මං කිව්වනේ යීබෝ..එපා කියන දේ අහන්නේ නෑ..ඇත්තමයි මං..."
" පණ පිටින් හම ගහලා එල්ලනවා තෝව මගේ දරුවට මොකක් හරි උනොත්..ඒක විතරක් මතක තියාගනින්..."
ජාන් කියන්න ගිය දේ යීබෝ සම්පූර්ණ කලේ ජාන් කෝපයෙන් රවද්දීය.
" ඕක මට කටපාඩම් අනේ දැන්...දරුවෙක් ඉන්නවා කියලා දැන ගත්ත දා ඉදන් ඕකනේ..."
" ඕන දෙයක් කරපං සුදු නෝනා..මොකෝ මේ ගහලා බැනලා ගැටගහලා තියා ගන්න තමුසේ පොඩි එකෙක් නෙවෙයිනේ..මොලේ තියෙනවනේ ඔය පුපුරන්න ඔන්න මෙන්න size බඩ ඇතුලේ ජීවිතයක් තියෙනවා කියලා තේරෙන්න...ඒක මතක තියාගෙන වැඩ කරපංකෝ එච්චරයි..."
" දැන් යන්න එපාද කියන්නේ..." යීබෝද ඇසුවේ කෝපයෙනි.
" නෑ නෑ සුදු නෝනා යන්න...මං තටු කපලාලුනේ නැත්නම්...මං නැත්නම් යීබෝව ගේ අස්සේ හිර කරගෙනලුනේ ඉන්නේ නැත්නම්.."
" කේන්ති ගිය වෙලේ කියපු දේ දැන් මාස දෙකක් තිස්සේ කියවනෝනේ චූටි ඔයා..එපා නම් නොයා ඉන්නම්...ඉවරයිනේ.."
" අනේ..මං කියන දේ අහලා ගෙදර නතර වෙන්න ඕනි නෑ සුදු නෝනා...අපි කවුද මේ බේබි හාමුලාට උපදෙස් දෙන්න...මං ඔය කවුරුත් තරම් පරිණතත් නෑ ඉගෙන ගෙනත් නෑනේ..ඉතින් මේ මාරම toxic බූරුවා කියන දේ අහන්න එපා..."
හෙට ඇදීම සඳහා අලුතින්ම design කල ඇදුම් ටික කුණු බක්කියට දැමූ යීබෝ ජාන්ට අනෙක් පසින් ඇදේ ඇල උනේය.
යීබෝ උන්නේ නින්දේය.නමුත් හීනෙන් මෙන් ඇසෙන ජාන්ගේ කට හඩට ඔහු සවන් දුන්නේය.
" හලෝ පැටියෝ...තව සතියකින් මගේ වස්තුව මගේ අතේ..ඔයා මේ ටිකේ හරි දග මල්ලක් වෙලා නේද..?අම්මි අඩනවා මගේ පුතේ එයාට රිදෙනවා කියලා..අම්මි හරි පව් වස්තුව..ඒ චූටි කකුල් දැන් ඉදිමිලා..එයාට ඇවිදින්න පොළොව පේන්නේ නෑ වස්තුව..එයාට ඇවිද ගන්නත් බෑනේ දැන්..මගේ වස්තුව හරී බරයිලුනේ අම්මාට..ඔයා උස්සන් ඉදලම කොන්දේ කැක්කුමයිලූ.."
VOUS LISEZ
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**