Xiao Zhan's P.O.V
" ඊයේ එච්චර ලැජ්ජ වෙලත් ගානක් නැතුව මූ නිදන් ඉන්න විදිහ බලපන්කෝ..."
" ඔව් බන්..මට වගේ ඔහොම නෝන්ඩියක් වුනානම් එවලෙම රූෆ් ටොප් එකෙන්ම බිමට පැනලා..."
" ලැජ්ජ නැද්ද බන් බලු වැඩ කරන්න ..."
ආයේ කැෆේ එකට එනකොටම බයික් එක අරන් එන්න කියලා චෙන් යූ කෝල් කරලා කිව්ව හින්දා මම හොටෙල් එකේ ඉදන් කෙලින්ම ආවේ බෝඩිමට..මග දිගට එනකොටත් මට මතක් වුනේම පාටියේදි වුන දේමයි...හිතේ තිබ්බ අවුලටම බඩගින්නක් හොයාගන්නවත් නැති වෙද්දි වොශ් එකක් දාපු මම ඇදට වැටුනා..
කොහොම හරි පාන්දර තුනට විතර අරුන් තුන්දෙනා ඇවිත් බෝඩිමේ දොර අරින සද්දෙට මම ඇහැරුනත් ඇදේම හිටිය මිසක් නැගිට්ටේ නැහැ...ඔලුවේ ඉදන් රෙදි පොරවන් නිදාගන්න පුරුද්දට පින්සිද්ද වෙන්න මම ඇස් ඇරන් හිටියත් උන්‍ට පෙන්නේ නැහැ...
අරුන් දෙන්නා කොහොමත් හොටෙල් එකේ වුන සීන් එකට මාව විහිලුවට ගන්න බව දන්න හින්දම මුලදි උන්ගේ කතාව මට වැඩිය වැදගත් නොව්නට යුආන් කිව්ව දේත් එක්ක හිතට පොඩි සැකයක් ආවා...
" මොකක්ද දැන් අපි දෙන්නා කරපු බලු වැඩේ...?"
" ජාන් කේක් එක අරන් එනකොට උබලා දෙන්නා කකුල් මාට්ටු දානවා මම දැක්කා..."
" ආ...උබට දුකයිද....?මේයා බලහන්කෝ ෂී..මෙයාට දුක හිතිලා..."
'ෂිට්..ඇයි ඒක මට කල්පනා වුනේ නැත්තේ..!'
ඉස්කෝලේදිත් මම එනකොට වෙට්ටු දාන එක අපේ පන්‍තියේ එව්න්ගේ විනෝදාංශයක්..උන් මාව වට්ටලා ඒකට හිනා වෙනවා.. ඉතින් අද වුනෙත් ඒ වගේ දෙයක් නෙමෙයිද..
මට දැනුනේ ඉවස ගන්න බැරි තරමේ කේන්තියක් , දුකක්.. පොඩි කාලේ ඉදන් එකට ඉගෙන එකම බෝඩිම බෙදාගෙන ජිවත් වෙන මාව මිනිස්සු ගොඩක් ඉදිරිපිට ඒ වගේ ලැජ්ජ කරන්න තරම් මම මුන්ට කරපු වැරැද්ද මොකක්ද....
මට හිතුනේම නැගිටලා ගිහින් මුන් දෙන්නව බිම දාන් ගහන්න..ඒත් ඉතින් පහුවෙනිදට නවතින්න වෙනම තැනක් හොයාගන්න වෙනවා කියලා යටි හිත අනතුරු අගවනකොට මම සද්ද වහලා හිටියා..
أنت تقرأ
Black Cat ( YIZHAN FF ) ✔️✔️
أدب الهواةDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚