Xiao Zhan's P.O.V
කැෆේ එකේ වැඩට ඇවිත් මේ ගෙවෙන්නේ හතර වෙනි මාසය..ජිවිතේ ගෙව්ව අවුරුදු විසි එකටම පොඩ්ඩක් හරි සැනසීමෙන් ගෙව්ව මාස හතර..මට වෙරලේ සාස්තර මනුස්සයා කිව්වා වගේම මගේ වාසනාව ආවේ වක්රාකාරව..කොල ගුලියක් වෙලා...
කැෆේ එකේ වැඩ කරන්න ගත්තට පස්සේ දෙයියනේ කියලා මට බඩට කාලා පොඩි ගානක් හරි ඉතුරු කරගෙන හිතේ නිදහසින් ජිවත් වෙන්න පුලුවන් වුනා.. මේ කාලේදි චෙන් යූ වගේම ලූලූ මගේ හොදම යාලුවෝ වුනා..එයලට කොහොමද දන්නේ නැහැ හැබැයි ජිවීත කාලේම අනිත් මිනිස්සු යාලුවෙක්ට සලකන ආකාරයට මට සැලකුවේ ඒ දෙන්නා විතරයි.. ඒකයි මම ඒ දෙන්නට හොදම යාලුවෝ කිව්වේ..
තව මාස හතරකින් මම ගමේ ගිහින් නැහැ...ඒක නම් මම කෙරුවෙම ඕන කමින්..එක එක කුලි වැඩ තියෙනවා කරන්න එන්න කියලා අම්මා කෑ ගගා කෝල් කලත් මම නම් නෙමෙයි ගමේ ගියේ..සල්ලි යැව්වා ඒත් ගමේ ගියේ නැහැ...ඔය දවසේ වැඩේට මගේ ජොබ නැති කරගන්න ඕන යැ...
එතකොට අරුන් තුන්දෙනා..රෙස්ටුරන්ට් එකේ සිද්දියෙන් පස්සේ යුආන් අරුන් දෙන්නට හොදටම බැනලා තිබ්බා..තාමත් උන් දෙන්නා මට නිදහසේ ඉන්න නොදුන්නට යුආන් දැන් දැන් මාත් එක්ක හොදින් කතා කරනවා..
අවාසනාව ජිවිතේන් යන්නම ගිහින් නැති වුනත් ඉස්සරට වඩා මම දැන් ටිකක් සතුටින්...ඒකත් මට ගොඩක් වටිනවා...
" ඔය මගුල පැත්තකට දාලා වැඩ කරනවා අයිසේ...!"
මගේ ටික් ටොක් එකකට වැටුන ලයික්ස් ටික බල බල ඉන්නකොට පිනා පිටිපස්සේන් ඇවිත් කෑගැහුවේ මාවත් ගැස්සිලා යනකොට...
' නපුරා..'
මේ අනිත් කෙනා... රෙස්ටුරන්ට් එකේදි මාව බේරෙගත්තට පස්සේ ආයේ මම ලොකුවට එයාට වද දෙන්න නොගියට පුරුදු පරිදි කරන පොඩි අත්වැරැද්දටත් මට තාමත් කෑගහලා මාව දණගස්සෝනවා..හොදින් කතා කරන්නේම නැහැ... ගිරිය පලාගෙන බෙරිහන් දෙනවා..
ඒත් අමුතුම වැඩේ කියන්නේ මේකාගෙන් දවසට එක පාරක් හරි බැනුම් ඇහුවේ නැත්තම් කෑවේ නැහැ වගේ මට දැනෙන ෆීලින් එක එක.. කැෆේ එකට ආව ගමන් මම දොර දිහා බලන් ඉන්නේ මේ නපුරා එනකන්.. ඒකා ලග ඉන්නකොට පියාඹනවා වගේ දැනෙනවා..නිකමට හරි පිනා දවසක් නාවොත් එදාට නිකන් සහරා කාන්තාරේ මම තනි වෙලා වගේ ෆීලින් එකක් දැනෙනවා..රෑට නිදාගන්නකොටත් මේ ගල් බනිස් මුහුන මතක් වෙනවා , ඇහැරෙනකොටත් මතක් වෙනවා...
ESTÁS LEYENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚