01

1.1K 98 9
                                    

... 'Example'   : හිතන ඒවා
    "Example" : කියන ඒවා  ...

?./P.
.
.
.
'ආහ්... මගෙ ඔලුව... මං... මං මේ කොහෙද ඉන්නේ...???'
.
.
.
මං කල්පනා කලේ මං කොහොමද මෙතනට ආවෙ කියලා. මං හිටියෙ මං වැඩ කරන ක්ලබ් එකට යන ගමන්. ඒත් එක්ක ටික වෙලාවකට කලින් සිද්ද උන දේ මට මතක් උනා.
.
.
.
.
.
.
.
A./P.
.
.
.
මේ ඉන්නේ කිම් ටේහියුන්. ඩේගු වල ඉපදිලා අනාථ නිවාසෙක හැදිලා වැඩිලා අමාරුවෙන් ඉගනගෙන සෝල් ඇවිත් සෝල් University එකේ 2nd year student කෙනෙක්. ටේහියුන්ගෙ soulmate තමයි ජිමින් කියන්නේ.
.
.
.
ජිමින්ව ටේහියුන්ට හම්බ වෙන්නේ university එකේදිම තමයි. මෝචියක් වගේ ඉන්න කොල්ලව දැක්කම ටේහියුන්ට හරි ආස හිතුනා. ඒ නිසාම තමයි ටේහියුන් ජිමින් එක්ක යාලුකමක් ඇති කර ගන්නේ. ජිමිනුත් තමන් එක්ක හැම වෙලේම හුරතල් වෙල මේ කොටි පැටියට ගොඩක් ආදරේ වෙනවා. ඒ වෙද්දි ටේහියුන් අනාථ නිවාසෙන් ඇවිත් පොඩි කාමරේක තමයි බෝඩ් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් ඒකේ හැරෙන්න වත් ඉඩ නැති නිසා ටේහියුන් ජිමින් ට කියනවා පුලුවන් නම් තමන්ට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා. ඒත් ජිමින් කරපු යෝජනාවක් නිසා ටේහියුන් ජිමින් නැවතිලා ඉන්න පොඩි apartment එකට යනවා.
.
.
.
ජිමින් කියන්නේ හැල්මොනී එක්ක හැදුනු කොල්ලෙක්. ඔම්මා අප්පා දෙන්නම accident එකකින් නැති වෙලා ජිමින්ගෙ. ඒ නිසාම ජිමිනත් ගෙව්වෙ හරි අමාරු ජීවිතයක්. University select වෙන්න සතියකට කලින් ජිමින් ගෙ හැල්මොනී නැති වෙනවා. ඒ දුකත් හිතේ තියන් ජිමින් බූසාන් ඉදලා සෝල් එන්නේ හැල්මොනී එයාට ඉතුරු කරලා ගිය ගෙදර විතරක් තමන්ගෙ කියලා දේකට ඉතුරු වෙද්දි. යාන්තමට පිරිමහන් මාස දෙකක් විතර කන්න පුලුවන් සල්ලි ප්‍රරමාණයක් විතරයි ජිමින් ලග මේ වෙද්දි තියෙන්නේ. ඒ නිසා පොඩි පොඩි ජොබ් කරන ගමන් university යන්න ජිමින් හිතා ගන්නවා.
.
.
.
ඒ කාලේ තමයි ටේහියුන් ට ඉන්න තැනක් හොයා ගන්න ඕන කියලා ජිමින් ට කියන්නේ. ඒ වෙද්දි ජිමිනුත් ඉන්නේ apartment එකේ rent එක ගෙවා ගන්න බැරුව. ඒ නිසාම ටේහියුන් එක්ක කතා කරලා ජිමින් වැඩ කරන ක්ලබ් එකේම ටේහියුන්ට ජොබ් එකක් අරන් දීල apartment එකේ reant එකෙන් භාගයක් ගෙවන්න කැමති කරන් නවත්ත ගන්නවා. දෙන්නට දෙන්නා හොදට තේරුන් අරන් ඉන්න යලුවො දෙන්නෙක් ඒ නිසාම වැඩි කාලයක් නොගිහින් ටේමින් දෙන්නා soulmate ලා වෙනවා.
.
.
.
මේ සිද්දිය වෙන්න කලින් ටේහියුන් ජිමින් එක්ක ක්ලබ් එකට යන ගමන් හිටියෙ. University එකෙන් එළියට ඇවිත් දෙන්නත් එක්ක යන ගමන් බොන්න coffee එකක් ගමු කියලා කතා වෙලා ජිමින් coffee shop එකට යනවා. ටේහියුන් එළියට වෙලා ජිමින් එනකල් බලන් ඉද්දි එක පාරට පිටි පස්සෙන් ආව කවුද කෙනෙක් ටේහියුන්ගෙ නහයට ලේන්සුවක් තියලා තද කරන්නේ.
.
.
.
.
.
.
.
නහයට දූවිලි සුවදක් එද්දි ටේහියුන් ට හචින් යන්න ආවත් අමාරුවෙන් ඒක නවත්තං ඇස් අරින්නේ තමන් කොහෙද ඉන්නේ කියලා බලන්න. ලොකු ඔලුවෙ කැක්කුමක් එක්ක වටපිට බලද්දි ටේහියුන් දකින්නේ කොහේ හරි කලුවර තැනක එයාව පුටුවක ගැට ගහලා කියලා. හරියටම ටේහියුන් ට උඩින් මලානික කහ පාට එළියක් එක්ක බල්බ් එකක් එල්ලෙනවා.
.
.
.
Taehyung./P.
.
.
.
'අහ්... මගෙ ඔලුව පැලෙන්න වගේ. මාව kidnap කරලා කියලා මට හොදටම ශුවර්. ඒත් ඇයි...??? අනාථ මගෙන් මොනවා කියලා ගන්න ද...??? ආශ්... මගෙ නහයත් රිදෙනවා. මෙතන ගොඩක් දූවිලි තියනවා ද කොහෙද...'
.
.
.
මෙච්චර දෙයක් වෙලත් මට කල්පනා වෙන්නේ මගේ නහය ගැනමයි නේ. මොනා කරන්න ද ඉතින් මගේ නහය කියන්නේ හරි sensitive තැනක්. පොඩ්ඩක් දූවිලි තියන තැනක් ලගින් ගියත් ඇති ගම් හතකට ඇහෙන්න හචින් යනවා මට. (Author ට වගේ 😅)ඒත් මෙතන දි මං කොහොම හරි හචින් යන එක නවත්ත ගන්න ඕන.
.
.
.
A./P.
.
.
.
ටේහියුන් කියන්නේ අනාථ නිවාසෙ හැදුන අනාථ කොල්ලෙක් තමයි හැබැයි මෝඩ කොල්ලෙක් නෙමෙයි. අන්න ඒ නිසාම තමයි සද්ද නැතුව වට පිට බලන්නේ තමන්ට මෙතනින් ගැලවෙන්න වෙලාවක් එනකල්. හැබැයි වැඩි වෙලාවක් නොගිහින් ටේහියුන් ට ඇහෙනවා තමන් ඉන්න පැත්තට එන අඩි සද්ද වගයක්. හිත ටිකක් ගැස්සුනත් ටේහියුන් ආපහු ඇස් දෙක වහන් ඔලුව පහත් කර ගන්නේ තාම එයාට සිහිය ආවෙ නෑ කියලා පෙන්නන්න. හැබැයි ටේහියුන් දන් නෑ එයා දිහා ඇස් ගොඩක් බලන් ඉන්නවා කියලා.
.
.
.
?./P.
.
.
.
'ආශ්... මේ කොල්ලට තාම සිහිය ඇවිත් නැද්ද...??? නැත්තං බොරුවක් කරනව ද...???'
.
.
.
පුටුවෙ ගැට ගහලා ඉන්න පොඩි කොල්ලා ලගට ගිහින් මං ඒ කොල්ලගෙ නිකටෙන් ඉස්සුවා. එතකොට තමයි මට තේරුනේ ඇස් වහන් හිටියට කොල්ලට සිහිය ඇවිත් කියලා. මොකද මේ පොඩි එකා දන් නෑ වගේ ඇස් වහන් ඇහි බෝල එහෙ මෙහෙ කරද්දි ඒක තේරෙනවා කියලා.
.
.
.
මං හිමීට මේ පොඩි කොල්ලගෙ පිටිපස්සෙන් හිටගෙන මගේ ටයිගස් ලා දිහා බැලුවා. කොල්ලො ටික දිව කට මැදන් ඉන්නේ මේ පොඩි එක හෙලවෙනකල්. ඒත් මං හිතුවට වඩා මේ කොල්ලා කපටී. මෙයාව හරියන්නේ  මටම තමයි.
.
.
.
ඒ නිසා එහෙම්ම පහත් වෙලා මං පොඩි එකාගෙ බෙල්ල පිටි පස්සට පොඩි කිස් එකක් දුන්නා. කොල්ලා පොඩ්ඩක් ගැස්සුනත් ඒක එළියට පේන්නේ නැති වෙන්න ඉන්න පුලුවන් උන නිසා මං ආපහු පොඩි injection එකක් අරන් සිහි නැති වෙන්න බෙහෙත් දාලා බෙල්ල පිටි පස්සට ගැහුවා.
.
.
.
A./P.
.
.
.
සම්පූර්ණ කලු ඇදුමක් ඇදලා මූණට ටිකක් විකුර්ති මාස්ක් එකක් දාලා හිටිය කෙනා තමන්ගෙ අත් දෙකෙන්ම සිහිය නැතුව ඉන්න ටේහියුන් ගෙ බැමි ලෙහෙලා එළියට අරන් යනවා. හැබැයි එයාට අයිති ටයිගස් ලා නං මේ වෙද්දි ඉන්නේ එයාලගෙ ගොදුර මග ඇරුනු දුකෙන්.
.
.
.
.
.
.
.
Jimin./P.
.
.
.
ටේ බෙයා වත් එක්කන් ක්ලබ් එකට යන්න පිටත් වෙලා ආපහු කොෆී එකක් බොන්න් තිබ්බා උවමනාවට මං බෙයාට ඉන්න කියලා හැමදාම අපි යන ජින් හියුන් ගෙ කොෆි ශොප් එකට ගියෙ. වෙනදා වගේම ජින් හියුන්ගෙ ඩෑඩ් ජෝක් එකකුත් අහලා කොෆී එක අතට ගනිද්දි ජින් හියුන් අතින් එක කොෆී එකක් බිම වැටුනා. ඇයි කියලා බලද්දි තමයි මං දැක්කේ ජින් හියුන් එළියෙ මොකක් හරි දෙයක් දිහා බලන් ඉන්නවා කියලා.
.
.
.
"ටේ බෙයා..."
.
.
.
හියුන් බලන්න ඉන්න දිහා මාත් බලද්දි තමයි දැක්කේ මගේ ටේ බෙයා ව කවුද කෙනෙක් අරන් යනවා. අනේ මගේ ටේ ට සිහියත් නෑ. ඒත් එක්කම මං දැක්කේ ටේහියුන් ව දා ගත්ත වාහනේ. ඒකෙ ඒ හිටියෙ එයා නේ...??? ඔව් ඒ එයා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අපි වැඩ කරන ක්ලබ් එකේ අයිතිකාරයා. මින් යුන්ගි. ඒත් ඇයි එයා ටේ බෙයාව අරන් යන්නේ...???
.
.
.
.
.
.
.
Taehyung./P.
.
.
.
මගේ පැත්තට ආව කෙනා නිකටෙන් උස්සලා මගෙ මූණ දිහා බලද්දි මටත් නොදැනී මගෙ හිත හයියෙන් ගැහෙන්න ගත්තා. මට ගොඩක් බය හිතුනේ ඒ කෙනාට මගෙ හාට් එක ඩ්‍රම් ගහන සද්දෙ ඇහෙයි කියලා. වාසනාවකට වගේ එයා මං තාම නැගිටලා නෑ කියලා හිතල ද කොහෙද මගෙ පිටි පස්සෙන් හිට ගත්තා. මේ ටේහියුන් ගේ acting ගැන ආයෙ කියලා දෙයක් තියනවා ද...??? නෑ... පොඩි කාලෙ ඉදන් මං සෙල්ලම් කරද්දි පැරදෙන්න ඔන්න මෙන්න තියලා මං මැරිලා වගේ රගපානවා. දවසක් අපේ මේට්‍රන් මං ඇත්තටම මැරිලා කියලා hospital ත් ගෙනියන්න හැදුවා. ඒ තරන් මං දක්ශ දරුවෙක්. හුම් 😌
.
.
.
ඒත් එක්කම මට දැනුනා ඒ කෙනා මගෙ බෙල්ල පිටි පස්සට කිස් එකක් දුන්නා කියලා. අම්මෝ ඒකට නං මගෙ මුලු ගතම සලිත වෙලා ගියා. හැබැයි මගෙ acting වලට පිං සිද්ද වෙන්න මං බේරුනා. ඒ පාර මොකද් ද...??? කූබියෙක් කෑව ද කොහෙද බෙල්ල. කසන්න වත් බෑ නේ. කූබි බෙල්ල කෑවම නිදිමත හැදෙනව ද...??? නෑ නෙ... එතකොට ඇයි මට නිදිමත...???
.
.
.
.
.
.
.
A./P.
.
.
.
හොද නින්දක හිටිය ටේහියුන් ඇහැරෙන්නේ එයාගෙ නහයට වදින් පොඩි හුලන් පාරක් නිසා. හැබැයි ටේහියුන් දන් නෑ ඒ එයාගෙ මූණට එබිලා ඉන්න කෙනාගෙ හුස්ම කියලා. පුලුන් ගොඩක් උඩ නිදියන් ඉන්නවා වගේ සනීපයක් දැනෙද්දි ටේහියුන් හිමීට ඇස් අරිනවා. ඒත් එක්කම ටේහියුන් දකින්නේ එයාගෙ මූණට එබිලා ඉන්න...
.
.
.







........................................................................

To be continued...

Taekook ලා වෙනුවෙන්. මගෙන් bl story එකක් ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මට bl story ලියලා හුරු නෑ. හැබැයි උත්සහ කරන්න හිතුනා. මං හිතනවා ඔයාලා කැමති වෙයි කියලා. වැරදි අඩුපාඩු ඇති. ඒවා කියන්න මට.

බායි 👋

Owner of my heart (Complete)Where stories live. Discover now