Xiao Zhan's P.O.V
' ආ' යින්..'
අවුරුද්දකට විතර පස්සේ දැක්ක මගේ නංගි.. මිනිස්සු රවට්ටන්න වගේ ලාවට ඇග වැහෙන්න ඇදුමක් ඇදන් සෙනග ගොඩේ කොල්ලෙක් එක්ක ඩාන්ස් කරන්නේ මගේ එකම නංගි..
' Xiao ying ..'
තාම අවුරුදු දහටක් වුනාට මටත් වඩා වැඩිමහල් පෙනුමක් එයාගේ ඇදුමත් එක්ක එයාට ලැබිලා තියෙනකොට හරියටම ඒ ඉන්නේ එයාද කියලා දැනගන්න මට විනාඩි ගානක් ගියා.. එයා කොල්ලගේ බෙල්ල වටේ අත දාන් ඩාන්ස්කොට ඒ කොල්ලා එයාගේ මුලු ඇගේම ඇතිල්ලුනත් ආ' යින් හිටියේ එයාට නෙමෙයි වගේ ..
ඒත් එයාගේ එකම අයියා විදිහට මම කොහොමද එහෙම බලාගෙන ඉන්නේ...
අඩියට දෙකට සෙනග මැද්දට ගිය මම එයාගේ අතින් ඇදලා ගන්නකොට අර පච්ච කොටන් කනක කරාබුවකුත් දාන් හිටිය මදාවි කොල්ලා මට කෑගැහුවා..
" Hey.. whats wrong with you man..!"
" මගේ නංගිගෙන් ඈත් වෙලා හිටපන්..!!"
එක පාරටම මාව දැක්කම ආ'යින් ගේ ඇස් ගැස්සෙනවා මම බලාගෙන..
" ඔයාට තාම දහ අටයි ආ'යින්.. මෙතන ඔයා ඉන්න සුදුසු තැනක් නෙමෙයි..!"
" ඔයා මේ මිනිහව දන්නවද ස්විටි..බලන්නකෝ මුගේ හැටි.. !!"
අර රස්තියාදු කාරයා මගේ නංගිගෙන් මාව දන්නවද අහනකොට එයා ඉක්මනට මගෙන් අත මුදවගෙන අඩියක් පස්සට වුනේ මාව දන්නේ නැති ගානකට..
" නැ.නැහැ බේබ්..අදමයි දැක්කේ..කවුද තමුන්..."
" මේ මම ආ'යින්..ජාන්..ඔයාගේ අයියා.. අම්මත් එක්ක අවුරුද්දකට කලින් ඔයාව බලන්න ආවේ.."
ගොඩ කාලෙකින් නොදැක්ක හින්දා මාව අදුනගන්න බැරි ඇති කියලා මගේ නම කිව්වත් ආ'යින් කිව්වෙම මාව දන්නේ නැහැ කියල..
VOCÊ ESTÁ LENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚