🐱 Chapter 15 🐱

1.5K 340 72
                                    

Xiao Zhan's P.O.V


"අහ්ර්ර්‍ මගේ ඔලුව... "

නින්දෙන් ඇහැරුනා වුනත් ඇස් ඇරගන්න බැරුව නිදන් හිටිය ඇදේම වටයක් අනිත් පැත්තට පෙරලිලා ආයේත් මේ පැත්තට පෙරලුනා..

ඇස් ඇරිලා නැත්තක් මුහුනට වැටෙන එලියෙන් උදේ වෙලා කියන එක තේරෙනකොට ඇදේම ඉදගත්ත මම පොඩ්ඩ පොඩ්ඩ ඇස් දෙක අරින්න ට්‍රයි කලා..

'කොහෙද මම ඉන්නෙ..'

ඊයේ ලූලූගේ පාටිය මතක් වුනේ එතකොට..

" ඊයේ මම බෝඩිමට ගිහින් නැහැ.. "

සැපපහසු කාමරේ වටේම විමසිල්ලෙන් ඇස් අරන් ගිය මම නැවතුනේ සුදු බිත්තියේ ලොකුවට ගහලා තිබ්බ ඔරලෝසුව ලග..

' 11.30..'

මගේ ඇස් උඩ ගියා...

නැගිට්ට වෙලාව දැක්කම මම ඇදෙන් බිමට පැන්නේ කැෆේ එකට යන්න ඒ වෙනකොටත් හොදටම පරක්කු නිසා..

ඒ කලබලෙන්ම කාමරෙන් එලියට ආව මම හදිසියෙන් පඩිපෙළත් බැහැන් පහලට ආවේ කීය වුනත් කමක් නැහැ කැෆේ එකට යනවමයි කියලා හිතන්..මම යනකොට චෙන් යූයි , ලූලූ යි ලිවින් රූම් එකේ..

" ආ සුපර් ස්ටාර් දැන්ද නැගිට්ටේ... "

මාව දැක්ක ගමන් චෙන් යූ අහනකොට මම හැදුවේ ඌට උත්තර දීලා පුලුවන් ඉක්මනින් කැෆේ එකට යන්න...

" ඊයේ රෑ මාව තියාගත්තට තැන්ක්ස් මචං...කැෆේ එකට යන්න හොදටම පරක්කු වෙලා බන් මං යනවා... "

" මොන කැෆේද ජාන්..මුලින් ටිකක් ඉදගෙන මෙන්න මේක බොන්න.. "

" ඒත්-"

" සපත්තුත් නොදා දුවන්න යන්නේ උබට තාම ඩෝප්ද.. මූට බීලා හොද පලපුරුද්දක් තියෙනවනේ වගේ නේද ලූලු..වොඩ්කා බෝතලයක් ගහලත් වැඩට දුවන්න යන්නේ..."

ලූලූ මගේ අතට දුන්න ලෙමන් එකෙන් ග්ලාස් එක බිව්ව මගේ මුහුන ඇඹුල් වුනා..

" මේ මම..මම බෝතලයක් ගැහුවා..වෙන්න බැහැ..මීට කලින් මම කවදාවත් බීලා නැහැ.. "

මම කිව්වේ ඔලුව කසන ගමන්..

" එතකොට උබ කියන්නේ ඊයේ වුන මුකුත්ම උබට මතක නැහැ කියලද.."

Black Cat ( YIZHAN FF ) ✔️✔️حيث تعيش القصص. اكتشف الآن