🐱 Chapter 19 🐱

1.5K 335 32
                                    

Xiao Zhan's P.O.V

පහු වෙනිදා හරි ආසාවෙන් මම  එයාව බලන්න කැෆේ එකට ගියත් එය ආවේ නැහැ..මේ දැන් එයි..මේ දැන් එයි කිය කිය දවසම මම බලත් හිටියත් එයා ආවේ නැති කොට හිතට ආයේමත් අර පුරුදු පාලුව දැනෙන්න ගත්තා..තප්පරේ හරියට පැයක් වගේ..සැරෙන් සැරේ ඔරලෝසු බැලුවත් වෙලාව එක තැන නතර වෙලා වගේ...

කලිනුත් හිටපු ගමන් එයා කැෆේ එකට නෑවිත් ඉන්න නිසා චෙන් යූගෙන්වත් එයා ඇයි ආවේ නැත්තෙ කියලා මට අහන්න බැරි වුනා...

ඒත් එයා පහුවෙනිදත් ආවේ නැහැ...එක දවසකට වඩා එයා කැෆේ එකට නෑවිත් ඉන්නේ නැහැ කියලා මම හොදටම දන්නවා..ඒහ් මදිවට යන්න කලින් දවසේ රෑ එයා හැසිරුනු විදිහත් එක්ක හිතට දැනුන නොසන්සුන් කම තවත් වැඩු වුනා..

කෝල් කලාට ෆෝන් ඕෆ්..

' එයාට කරදරයක්වත්ද...'

" ඌ ටික දවසකට එන්නේ නැහැ...මට කැෆේ එක බලාගනින් කිව්වා.."

චෙන් යූගෙන් ඇහුවම ඌගේ උත්තරේ වුනේ ඒක..

" එයා හොදින්ද..එදා රෑ එයා හිටියෙන් අවුලෙන් වගේ...ඊට වඩා මුකුත් එයා කිව්වේම නැද්ද..."

මගේ මුහුන බලන් හිටපු චෙන් යූ ලොකු හුස්මක් පිට කලා..

" උබ හිතන්නෙවත් නැති ලෝකෙක ඌ ජිවත් වෙන්නේ ජාන්.. ඌ දන්නවා ඌ කරන්නේ මොනවද කියලා... උබ බය නොවී ඉදහන්..."

ඌ දන්නවා චෙෆ් කොහෙද කියලා ඒත් මට කියන්නේ නැහැ...ඒ වෙනුවට ඌ කිව්වෙ මට කරන්න අමාරුම වැඩේ...ඔව් මම දන්නේ නැහැ වන්ග් යීබෝ කියන්නේ කවුද කියලා.. ඒත් මම දන්න චෙෆ්ට මොකද වුනේ..

' මගේ පිනාට මොකද වුනේ.. '








අද මගේ ඕෆ් ඩේ එක වුනත් චෙෆ් ආවද කියලා අහන්න මම කැෆේ එකට කෝල් එකක් දැම්මා..

අදත් එයා නැහැ...

සතියටම එක දවසක් විතරක් ඕෆ් වැටෙනකොට මම ඒ දවසේ එලියට බැහැලා ඇවිදිනවා..අඩුම සුපර්මාකට් එකට හරි යනවා..ඒත් අද..අද මට ඇදෙන්වත් බිමට බහින්න ඕන වුනේ නැහැ...

" අන්න කලුවෝ උබව හොයන් ණය කාරයෙක් ඇවිත්..."

" උබට වැරදිලා වෙන්න ඇති...

Black Cat ( YIZHAN FF ) ✔️✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin