"අහ්.. මං යද්දි නිදාගෙනනෙ හිටියෙ..."එයා කලබලෙන්ම ඇදෙන් බිමට පැනලා ඇඳුමක් එහෙන් මෙහෙන් පටලගන්න ගමන් කියෙව්වා...
"දෙයියනේ අච්චර අඬන්නෙ ඇයි හ්යොං.. අනේ ඉක්මනට ගිහින් බලන්න..."
යන්න තියා නැඟිටගන්නවත් පණක් නැතුව හිටපු මං හ්යොංගෙ ඇගේ එල්ලීගෙන කෑගැහුවෙ දෝනිගෙ ඇඬිල්ල ඕනෙවටත් වඩා සද්දෙන් ඇහෙද්දි.. එකපාර මොනව උනාද දෙයියනේ...
හ්යොං ගිහින් විනාඩි ගානක් යනකලුත් කෙල්ල නොනවත්වාම ඇඬුවා.. පව් උගුර රිදෙනකල් අඬන්න ඇති.. අන්තිමට ඉකි ගහලා ඉකි ගහලම සද්දයක් නැතුව ගියා...
වෙච්ච දෙයක් හිතාගන්න බැරුව ඇදේ වැතිරිලා හිටපු මං මහ රෑ ගෙවෙනකලුත් කන් දීගෙන හිටියත් ඉන් පස්සෙ ගෙදර කිසිම කිසි සද්දයක් ඇහුනෙ නෑ.. වේදනා දෙන කොන්දත් එක්ක එහෙට මෙහෙට වෙවී දූ ගැන දාහක් දේවල් හිත හිත හිටපු මට කොයිම වෙලාවක හරි නින්ද යන්න ඇති..
පහුවදා එළිවෙනකොටත් හ්යොං ඇවිත් නොතිබ්බ එක මගෙ හිත යාන්තමට පෑරුවත් දරුවට වුණේ මොකක්ද කියලා නොදන්නකමටම මං ඒ ගැන හිත හිතා ඇහැරුණු විදිහටම ඔහේ ගල් ගැහිලා බලන් උන්නා..
කෙල්ල අඬපු සද්දෙ තාමත් මට ඇහෙනවා වගේ.. හ්යොංව ඉල්ලලා ඇඬුවොත් ඇරෙන්න වැටුනටවත් එහෙම අඬන්න දරුවෙක් නෙවෙයි නූමි කියන්නෙ..."යා තාම නිදිද ආ?? යුනි යන්නැද්ද කූ අද?"
ටිකකින් කාමරේට එබුනු ටේ හ්යොංගෙ සද්දෙට ලොකු කල්පනාවක හිටපු මාව ගැස්සුනා.. දෙයියනේ ඇවිදගන්නවත් බෑ කියලා මං කොහොම කියන්නද.. ලැජ්ජාවටම මාව රතු වුණා... අනේ ඔයාවත් හිටියනම් රත්තරන්...
"මොකද ඇඹරෙන්නෙ නැගිටගන්නවත් බැරිද ආහ්?"
යා.. එයා දැනගත්තෙ කොහොමද..? අ..ශ් ලැජ්ජාවෙ බෑ... මං එහෙමම කොට්ටෙ මූණ ඔබාගත්තා...
"ආ.. ආ... මේකගෙ හුරතලේ.. අද යන්න ඕනෙ නෑ කූ.. ඔහොම ටිකක් රෙස්ට් කරන්න... මට චිම් කිව්වා ඔයාව චුට්ටක් බලන්න කියලා..."
මට ලස්සනම හිනාවක් ගියා.. අනේ ඒ නම ඇහුනත් දැනෙන සැනසිල්ලක්...

YOU ARE READING
Love Me Like You Do || Complete || ✅
Romance"My love for you is past the mind, beyond my heart, and into my soul."