Me , Her & the moon

11 5 8
                                    

20_ _ / 03 / 15

මගේ ආදරේ වෙත...❤️

මතකද අපි පළමුවෙන්ම හමුවූ ඒ දවස...එදා හරි ලස්සනට හඳ පායලා තිබ්බ රැයක්...ඔයා කිව්වා සිගරට් එක දල්වන්න කියලා...ඉතින් මම අම්මාටයි තාත්තාටයි බොරු කරලා සමාජ රාමුවෙන් පැනලා ආවා...මොකද ඔයාගේ තොල් වල තිබුනු Nicotine රසත් එක්ක මගේ තොල්වල තිබුණු Strawberry රසත් එකට මිශ්‍ර වෙලා ඒ දැනුනු හැඟීමට මම ආස නිසා... ඔව් ඒ මගේ පළමු හාදුව...අපි ගොඩක් දුර ගියා...ඔයා ඔයාගේ වහනේ අඟුලු දැම්මේ තවත් අලුත් කතාවක් පටන් ගන්න...කාටහරි මේක මෝඩකමක් වගේ පේන්න ඇති...මොකද අපි දෙන්නාම කෙල්ලො දෙන්නෙක් නිසා...ඒත් ආදරේ මෝඩ නෑ...ඔයා නැවත මාව සිපගත්තේ මම ගොඩක් ආස කරපු ඒ රසය නැවතත් මට හම්බෙන විදිහට...

ඒ වෙලාවේ radio එකේ ගියේ අපි දෙන්නා වෙනුවෙන්ම හදපු සින්දුවක් කියලායි මම හිතන්නේ...

Long Night...
Day dreams...
Sugar and smoke rings...
I've been a fool...
Strawberries and Cigarettes...
Always taste like you...

ඔයාගේ Personality එකට මගේ හිත ගියේ කොහොමද කියලා අදටත් මම කල්පනා කරනවා... Baggy Black T shirt එකට ash Colour sweetpant එක...කොල්ලෙක් වගේ කොටට කපපු කොණ්ඩේ...වම් අතේ උරහිස ඉඳලා මැණික් කටුව ලඟට වෙනකම් ගහලා තිබ්බ ඒ Tattoo ටික...ඔයාට වඩා හාත්පසින්ම වෙනස් මම...රෝස පාටට ආස කරපු girly girl කෙනෙක්...

එදා අපි අපේම උනේ කාටත් හොරා...ඒක හීනයක් වගේ...ඒත් මම ඒක හීනයක් නෙමෙයි කියලා තේරුම් ගත්තේ මගේ ඇඳුම් වලින් ආපු ඒ ඔයාටම ආවේණික වුන ඔයාගේ සුවඳ...මම බය උනා මේ ගැන කාටවත් කියන්න...මොකද මේ සමාජේට මම හරි බයයි...එයාලා අපි ගැන වැරදි ඇහැකින් බලයි කියලා...අවුරුදු 3ක්...ඔව් අවුරුදු 3ක් වෙනවා අපේ සම්බන්දෙට...අපි ගොඩක් ආදරෙන් ඉඳියා...ඇවිදින්න ගියා...මහා රෑ හඳත් එක්ක අයිස්ක්‍රීම් කෑවා...මම ඒ අවුරුදු තුන ඇතුළේ ජීවිතේ හොඳටම වින්දා...ඒත් එදා...ඒ දවසට මම අදටත් වෛර කරනවා...ඔයාට ගෙදරින් බල කරා වෙන කෙනෙක්ව බඳින්න...ඔව් එයා ලස්සන පිරිමි ළමයෙක්...මටත් පිස්සු...අපි දෙන්නාම කෙල්ලො...අපිට කවදාවත් එකට ඉන්න පුලුවන් කමක් නෑ...අපි දෙන්නා එකට හදපු හීන මාළිඟා ඔක්කොම බොඳවෙලා ගියේ අපේ ආදරේට තිත තියලා...




















අවුරුදු 2කට පස්සෙ මම ආය ඔයාව දැක්කේ පල්ලියේ ලස්සන කුමාරිකාවක් වගේ තාත්තා අතේ එල්ලිලා එද්දි...මාව දැකලා ඒ ඇස් පුදුම උනත් ඔයා මා එක්ක ලස්සනට හිනා උනේ ආවාට ස්තූතියි කියන්න වගේ...මමත් ඔයා එක්ක අවංකවම හිනා උනේ මම කාලකණ්නි ජීවිතයක් ගත කලත් ඔයාගේ අනාගතේට සුභ පතලා......vows කියලා මුදු මාරුකරලා ඔයා එයාගෙම වෙද්දි අදටත් මම ඔයා නැතුව හඳත් එක්ක හිස් ජීවිතයක් ගත කරනවා...

______________________________________

" I thought that you were mine...But you had to belong someone else..."

_______________________________________

හැම කතාවක්ම එක වගේ ඉවර වෙන්නෙ නෑ...Sad endings Happy endings ඔක්කොම තියෙනවා... ඒවගේම සමාජේ LGTBQIA+ දිහා බලන විදිහ ගොඩක් වෙනස්...එයාලාටත් ඉඩක් දෙන්න ලස්සනට ජීවත් වෙන්න...අසම්මතයි කියලා මේ ලෝකේ කිසිම දෙයක් නෑ...ඒක අපි විසින්ම හදාගත්‍ත එක්තරා රාමුවක් විතරයි...පැහැදිලි මනසකින් දේවල් දිහා බලන්න...කෙනෙක් ජීවත් වෙන විදිහෙන්වත් පෙනුමෙන්වත් Sexuality එකෙන්ව කාවවත් මනින්න එපා...එයාගේ ගතිගුණ දිහා එයාගේ හොඳ හදවත දිහා බලන්න...හැමෝටම කරුණාවන්ත වෙන්න...🙂🌍❤️

Nothing to say...
Byeee ly all...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 04, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Me Her & The MoonWhere stories live. Discover now