" චූටි...ඔයා මගේ car key එක දැක්කද..?"
සාලයේ වාඩි වී දියණිය සමඟ කාටුන් බලමින් උන් ජාන් යීබෝ දෙස බැලුවේය.
" නෑ.."
ජාන් නැවත වතාවක් කාටුන් වෙත සිය අවදානය යොමු කලේය.
" මං ඒක සෝෆා එක උඩනේ තිබ්බේ..."
" ඉතින් මං දන්නේ කොහොමද..?මං ඉදගනිද්දි මෙතන තිබ්බ අල ගෙඩියක් නෑ.."
" පොඩ්ඩක් නැගිටින්න.."
" අර මොකටද මං නැගිටින්නේ...එහාට වෙන්න අනේ...පේන්නේ නෑ..."
" අම්මි එහා..අම්මි එහා..." yu දේ යීබෝගේ දෙපසින් එඹෙමින් කෑ ගැසුවේය.
"චූටි...පොඩ්ඩක් නැගිටින්න අනේ...ඔතන තියනවද බලන්න...මට දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ...යතුර නැතුව මං කොහොමද යන්නේ..."
" ryderගේ පිටේ යන්න...අනික සෝෆා එක උඩද keys තියන්නේ..නැතිකරගෙන බොරුවට කෑ ගහනවා..."
" ඉතින් චුට්ටක් නැගිටලා මට පෙන්නන්නකෝ..."
" ඔයාට මාව විශ්වාස නැද්ද..?මං දැන් එක පාරක් කිව්වනේ මෙතන නෑ කියලා.."
" ඉතින් පොඩ්ඩක් මට බලන්න දෙන්න..."
" වාතයක් යීබෝ ඔයා නම්..."
යීබෝ වෙත රවා බැලූ ජාන් ඉදන් උන් තැනින් මදක් එහාට විය.
" අහ්..හ්හ්ම්ම්...මේ...තියනවා නේ...සොරි...දෝණි අපි දැන් සෙල්ලම් කරන්න යමු නේද..?ඔව් ඔව් සෙල්ලම් කරන්න යමු..."
ජාන් yu ව වඩාගෙන අනිත් පැත්තෙන් මාරු වෙද්දි යීබෝ ජාන් දිහාම බලන් හිටියේ කේන්තියෙනි..
යීබෝගෙන් මදක් ඈතට ගිය ජාන් නැවති යීබෝ දෙස බැලුවේය.
" සුදු අයියේ...ගහන්නේ නැත්තම් ළඟට එන්නද කිස් එකක් දෙන්න..."
" අම්මියෝ උම්මා..."
යීබෝ මෙතෙක් වෙලා හිරකරන් උන් සිනහව එළියට ආවේ ඉබේටමය.
KAMU SEDANG MEMBACA
නුඹට පමණයි (Zhanyi)(21+)
Fiksi Penggemarඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**