"මගේ වස්තුව...." පහළට වැටෙන දියණිය දෝතට හිර කරගත් ජාන් එලෙසින්ම බිම ඉන්ද උනේය.
ජාන්ගේ මුවින් හීල්ලීමක් සමඟම මහා හඬින් ඉකියක් පිට වූවේය.
දියණියගේ පපුව හරි හෙමින් ගැහුනත් ජාන් නම් වූවේ හුස්ම අල්ලා ගැනීමටත් අපහසුවෙනි.
" මගේ අප්පුත්ති...."
" අනේ මගේ පණ ටික...ඇයි හිතුවක්කාර වෙන්නේ...ඇයි මට පිස්සු හදවන්නේ..."
ජාන් දියණියව සිඹිමින් කීවේ ඇස් වලින් කඳුළු ගලද්දීය.
" උයා නෝති...ඇයි දෝණි එක්ක තලා උනේ...කෝද ගියේ දෝණි දාලා...ආ මගේ අප්පුත්තීයෝ...අම්මි හලීයට ඇඩුවනේ...දෝණිට ඌවත් උනා...මේ තාම ඌවා..." චූටි කට උල් කරමින් ඇය නෝක්කාඩු කියද්දි ජාන් බලා උන්නේය.
" කොහෙද මගේ මැණිකගේ ඌවා උනේ..ම්ම්..."
" මේම බලන්න..මේම...අම්මී ඒම බලන්නේ..තත්නෙයිලු එතන..එතෝට ඌවලු...අම්මී ඇඩුවා හායියට...තීයා තාත්තා නෝති..එයා අම්මිත ගැහුවත් එක්ක..මගේ අප්පුත්තිව මානවා කිව්වා...ඔයා මැව්නද..?ඒකද මේ අග්ලි වෙලා...ඔයත් නෝති..ඔයත් නෝතිම නෝති...අම්මී දෝණි දාලා ඔයා මැව්නේ ඇයි..අම්මී පව්...අම්මී පව්ම පව්..ඔයා නැතිව අම්මී අඩනෝනේ..දෝණිට ඌවා වෙනෝ ඔයා නෑ උනාම..අපි ගේද යාමූ..."
ඉවසිල්ලක් නැතුව කියවන දියණිය දෙස බලා සිටි ජාන් සුසුමක් හෙලීය.
" මගේ වස්තුවට උණ හැදුනද..?"
" අප්පුත්ති ඕනිනේ මත..."
දියණිය ජාන්ටම තුරුළු වෙද්දි ජාන් සුසුමක් හෙලීය.
" යීබෝ...."
මේ වෙනකොටත් සිහිය ඇවිත් තිබූ යීබෝ ජාන් දෙස බැලුවේ බියෙනි.ඔහු තවම ඇති වූ තිගැස්මෙන් මිදීද නැත.ඔහු උන්නේ එකතැන ගල් වී මෙනි.
" චූටි මං..."
" අපි ගෙදර යමුද යීබෝ..නැත්නම් අඩුම..."
වචනයක්වත් නොකී යීබෝ ගේ තුළට ගියේ අවට රැස් වී සිටි අයද විසිර යද්දීය.
" පුතේ...ඩැඩායි කුවානුයි එක්ක තරහා ගන්න එපා..එයාලා ඉතින්..."
" තරහක් නෑ මමි..යූට සීරීමක් උනත් මට එන කේන්තිය ගැන මම දන්නවා..මං ලෝකෙම අනිත් පැත්ත පෙරලයි..දරුවෙක්ගේ ජීවිතේ ගැන දැනෙන බය,එයාට රිදෙයි කියලා දැනෙන බය මට දැන් හරියටම දැනුනා.
VOUS LISEZ
නුඹට පමණයි (Zhanyi)(21+)
Fanfictionඅතිශයින්ම වැඩිහිටියන්ට පමණි. අසබ්ය වචන , bdsm , smut අඩංගුය. Only for Zhanyi fans **හිතට නැඟුණු අදහසක් පමණි.සැබෑ ජීවිතයේ චරිත සමඟ පටලවා නොගන්න**