🍁Chapter 06🍁

716 118 24
                                    

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Yg-ජිමින්....

යුන්ගි ජිමින්ට කතා කරද්දි ජිමින් මුහුද දිහා බලාගෙනම පිලිතුරු දුන්නා.

Jm-ම්ම්...කියන්න professor

Yg-මාත් එක්ක තරහින්ද

Jm-තරහ වෙන්න මන් professor yoongi එක්ක යාලු වෙලා හිටියෙ නෑ නේ

ජිමින් තවමත් ඈත මුහුද දිහා බලන් කතා කරද්දි ජිමින්ගේ පැත්තට හැරිලා හිටිය යුන්ගි සුසුමක් හෙලලා මුහුද දිහා බලා ගත්තා.

Yg-මට සමාවෙන්න...මන් හිතන්නේ මන් සැලකුවා වැරදී...මන් ඔයාව පහත් කරලා කතා කරපු එකට මට සමාවෙන්න ජිමින්...

Jm-එකට කමක් නෑ professor yoongi...මිනිස්සු හරි වෙනස්...ආදරේ කරත් වැරදි නොකරත් වැරදි...පාඩුවේ හිටියහම ලොකුකමලු...හිනා වෙලා කතා කරහම පිස්සෙක්ලූ...අවන්ක වුනහම මහ මොඩයලු...බොරු කිව්වහම බොරුකාරයලූ රාගයෙන් හැසිරෙද්දි වනචරයලූ කෙල්ලක්ට ගරු කරහම පොන්නයලූ...

Yg-ජිමින්...

Jm-එයලා එහෙම කියනවා නම් මන් ඒ ඔක්කොටම අයිතී professor yoongii...හැමෝම කියන්නේ හිතට දැනුන තැන නතර වෙන්න කියලා...ඒ නැවතුමේ නැවතෙද්දි අයිති නැති ආදරයක් තිබ්බොත් ?? එතකොට අපි කොහෙද නවතින්න ඔනේ...මිනිස්සු ආදරේ කරද්දි අන්ධ වෙනවා professor...මාත් එක අන්ධයෙක්...අවන්කව ආදරේ කරපු එක පාර්ශවික ආදරයක් තිබුන අන්ධයෙක්...

ජිමින් වේදනාවෙන් කතා කරද්දි යුන්ගිගේ හිතට අමුතු දුකක් දැනුනා ඉතින් යුන්ගිට ඔන වුනා ඒ කතාව දුර දිග නොයවා ඉන්න

Yg-ජිමින් ම්-මන් හිතන්නේ~~~~

Jm-මේ කතාව නැවැත්තුවොත් හොදයි කියලා එහෙම නේද ?

Cold Professor And Lovely Student ❤️ ||YOONMIN||Where stories live. Discover now