Xiao Zhan's P.O.V
' දුක කියන්නේ සතුටට තරමටම අපිට දැනෙන්න ඕන හැගීමක්.. අද අපිට දුක කියන හැගීම නොදැනුනා නම් කවදාවත් සතුටට කියන හැගීමේ වටිනාකම අපි නොදැන ඉන්න තිබුනා.. ඒක නිසා දැන් දුකින් හිටියට කමක් නැහැ ඉස්සරහට එන ලස්ස දවස් ගැන හිතල හිත හයිය කරගන්න බ්ලැකී...'
'බොරු..ඔක්කොම බොරු..'
රෙස්ටුරන්ට් එකට යන්න කලින් එයා දුන්න jar එකෙන් කහ පාට චිට් එකක් අරන් කියෙව්වේ ඒක හින්දවත් මගේ දුක අඩුවෙයි කියලා හිතාන.. ඒත් එතනත් එයා කියලා තියෙන්නේ බොරු...
අද මම එයත් කතා නොකර ගෙවෙන දහ තුන් වෙනි දවස..
මගේ බර්ත්ඩේ එක දවසේ මාව බලන්න එනවා කියලා බොරු පොරොන්දු දීලා අන්තිමට එයා ආවේ නැති වුනාම මට එයා ගැන දැනුනේ පුදුමාකාර කෙන්තියක්..බෝඩිමට ආවට පස්සේ එයා කෝල්ස් එක පිට එක ගත්තත් මම ආන්සර් කලේ නැහැ..
' මම වැරදි කියන්න මම දන්නවා.. ඒත් මට ඒකට හේතු තිබුනා..පුලුවන් නම් එක වතාවක් කෝල් එක ආන්සර් කරන්න...'
එයා අන්තිමට දාලා තිබ්බ මැසේජ් එක ඕක..කෙන්තිය ටිකක් නිවෙනකන් ඉදලා පහුවෙනිදට ආයේ මම එයාට කෝල්ස් ගත්තට ෆෝන් එක ඕෆ්.. මේ වෙනකන්ම එයාගේ ෆොන් එක වැඩ නැහැ..එයගෙන් කිසි හාවක් හූවක් නැහැ..හොදින්ද නැත්තම් අසනීපයක්ද කියලා හොයලා බලන්න ඉන්න තැනවත් , යාලුවෙක් ගැනවත් මම දන්නේ නැහැ...
දැන් තමයි හිතෙන්නේ එයා ගැන මීට වඩා මට දැනගෙන ඉන්න තිබ්බා කියලා.. මට තිබුනා අඩුම ඉන්න තැනක්වත් අහගන්න..
" ජාන් මැනේජර් ඔයාට කතා කරනවා..."
" අහ් මේ මට.."
ජුන් ගැන කල්පනාවේ හිටිය මම එකපාරට ගැස්සුනා..
" ඒ මොකටද.."
" කස්ටමර් කම්ප්ලේයින් එකක් වගේ.."
' ඒ පාර මොන හෙන ගෙඩියක්ද දන්නේ නැහැ..'
මම ඩයිනින් ඒරියා එකට යනකොට මැනේජර්ට කවුද එකෙක් කෑ ගහනවා..
" හරි සර්..මට සර් කියන දේ තේරෙනවා.."
" සල්ලි දීලා කන්න එනකොට මේවද ඕයි කන්න දෙන්නේ.."
" එස්කියුස්මී සර්.."
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚