🐱 Chapter 32 🐱

1.3K 326 45
                                    

Xiao Zhan's P.O.V


" චෙ..න්‍.යු..උබ..කො-"

" ඒවා ඔක්කොම පස්සේ කතා කරමු....දැන් වරෙන් මාත් එක්ක යන්න..."

චෙන් යූ මාවත් ඇදගෙන කොහෙදෝ යන්න හදනකොට මම ඒ අත ගසා දැම්ම..

" කොහේ යන්නද..මම දැන් බෝඩිමට යනවා..කතා කරන්න ඕනේ නම් වෙන දවසක මීට් වෙමු..."

බිම වැටිලා තිබ්බ මගේ ස්කූටි කෙලින් කරගන්න හදනකොට චෙන් යූ ආයේ වතාවක් මගේ අතින් අල්ලගත්තා..

"ඔය මලකඩ කාපු හුත්ත පැත්තකට වීසි කරලා වරෙන්..!උබ ඉක්මනට මෙහෙන් යන්න ඕන..නැත්තම් උන් උබව මරයි...!"

" මරන්න මේ මාව..? මම මොනා කලාට මාව මරන්න හදන්නේ...ඇරැත් මේක රෙස්ටුරන්ට් එකෙන් දුන්න ස්කූටිය..මේකට මොනහරි වුනත් ගෙවන්න උබද සල්ලි දෙන්නේ..."

චෙන් යූ හැසිරුනේ කලබලෙන්..හරියට මොන යම් හෝ දේකට බය වෙලා වගේ..ඒත් ඒකට මම මොනවා කරන්නද..

" හරි මම සල්ලි ගෙවන්නම් වරෙන් මාත් එක්ක.."

" ඒත් කොහෙ යන්නද..මාස හය හතකට පස්සේ එක පාරට මතු වෙලා කොහෙද උබ මාව අරන් යන්න හදන්නේ..උබ කිව්ව පලියට එකපාර එන්න බැහැ-"

මම කියලා ඉවර කරන්න හම්බුනේ නැහැ චෙන්‍යු මාව කුණු මාලු කෑල්ලක් වගේ උස්සලා වෑන් එක ඇතුලට විසික් කලා..

" මොන ලබ්බක්ද යකෝ තෝ කරන්නේ...!! "

කකුලක් ලෙලි ගිහින් මදිවට ඔලුවත් කන්නාඩියේ වදිනකොට අන්තෙටම මට මල පැන්නා..

" මට යන්න දීපන්..හරි නම් මේක පැහැර ගැනීමක්..!!"

මම කෑගහන්න කෑගහන්න ඉස්සරහ සීට් එකේ හිටිය චෙන් යූ බීරෙක් වගේ පාර දිහාම බලාගෙනම හිටියේ කෙස් ගහක තරම්වත් මං ගැන වද නොවෙද්දි...

මම කෑගැහුවා මාව එලියට දාන්න කියලා එහා පැත්තේ හිටිය එකාගේ කොන්ඩෙන් ඇද්දා ඌට ගැහුවා ඒත් එකෙක් නෙමෙයි මං ගැන වද වුනේ..

හැබැයි වැඩි වෙලාවක් මට ඒ වෑන් එකේ යන්න හම්බුනේ නැහැ තව මොකෙක්ද පස්සෙන් එනවා කියලා එතන හිටපු එකෙක් කෑගැහුවා..

" අපි පරක්කු වැඩියි වගේ බොස්..අරුන් දැනටමත් අපිව ෆලෝ කරනවා..!"

Black Cat ( YIZHAN FF ) ✔️✔️Onde histórias criam vida. Descubra agora