ඇවිත් තිබුනෙ නූනා.. එයා මහ විලාපයක් එක්ක දුවන් ඇවිත් හ්යොංව පපුවට තුරුල් කරගත්තා..
"ඔහ් ගෝඩ් මිනී.. අනේ ඇයි බබා මේ?? මොකද උනේ?? අහ්.. තමුන්... තමුන් මොකක්ද එයාට කරේ ආ? මිනී යනව කිව්ව හින්දා තමුන් නේද මෙහෙම කරේ?? කතා කරනවා ජොන් ජන්කුක්.."
"මං කරපු දෙයක් නෑ නූනා... එයා කොහොමත් අසනීපෙන්නෙ හිටියෙ.. ඇයි මේ හදිස්සියෙම ආදරයක් මතුවෙලා... අඩුගානෙ මේ මනුස්සයා තුන්වේල කනවද කියලවත් හොයලා නොබලන ඔයානෙ මේ මට කෑගහන්නෙ.. අනික ඔයා ඇයි ඔයාගෙ මිම්මෙන්ම මාවත් මනින්නෙ ආ? හහ් මටයි වැරදුනෙ.. තමන්ගෙ දරුවව ඇද පල්ලට අතෑරපු ගෑනියක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේන්නම්.."
මං කෑගැහුවා.. අන්තිම වතාවට හාද්දක්වත් දීගන්න බැරිවෙනකොට මං ඒ කේන්තියෙන්ම කෑගැහුවා... මගේ සැර වචනත්තෙක්ක නුනා ගැස්සුනා.. එයා හිතුවෙම නෑ මගෙන් එහෙම කතාවක් අහන්න වෙයි කියලා.. ඇයි දෙයියනේ මං මොන හිතකින් හ්යොංට රිද්දන්නද.. එයා කොහොමද එහෙම හිතන්නෙවත්.. මේ මගෙ පණටිකනෙ...
"තමුන්.. තමුන් මොන නාඩගම නැටුවත් මං මිනීව අරන් යනවා... එයාව අයිති මට.. මං එයාගෙ වයිෆ්..."
අන්තිමට කියාගන්නම දෙයක් නැතිවෙද්දි නුනා මහ ආඩම්බරෙන් එයාගෙ අයිතිය පෙන්නන්න ගත්තා.. අනේ තාමත් සිහියවත් ඇවිත් නොතිබ්බ මගෙ මැණිකව එහෙට මෙහෙට හොලව හොලව යක්ෂණියක් වගේ කෑගහන්න ගත්තා..
"එයාට ඉන්න දෙන්න.. ඔයා එයාට රිද්දනවා නූනා.. එයා ගැන මේ තරමටවත් පරිස්සමක් නැති ඔයාද මේ ආදරේ ගැන අයිතිය ගැන මහ ලොකුවට කියවන්නෙ ආ?? නිකම්ම නිකන් කොළ කෑල්ලක ලිව්ව පලියට ආදරේ හම්බෙන්නෙ නෑ කිම් යුන් මි.. අනික හොඳට මතක තියාගන්න ඔයා කපටිකමෙන් ඇගේ එල්ලුනේ කිම් මින්සුගෙ මිසක් පාක් ජිමින්ගෙ නෙවෙයි කියන එක.."
ඒ ඇස් ගැස්සුනා.. යන්තමට ඒ තොල් පවා වෙව්ලුම්කනවා පෙනි පෙනී මං හුස්මක් නොගෙනම කියවන් ගියා.. නූනා කවදාවත් නොහිතපු විදිහට මං මගෙ ආදරේ වෙනුවෙන් කෑගහද්දි දොර ලඟින් එබුනු හ්යොංලා පවා ගල් ගැහිලා බලන් හිටියා..

YOU ARE READING
Love Me Like You Do || Complete || ✅
Romantik"My love for you is past the mind, beyond my heart, and into my soul."