🖤දසවන දිගහැරුම💎

599 132 20
                                    

මම ඇවිදලා ගොඩක් හවස් වෙලා ගෙදර ආවා.මං එනකොට ශන්ගා ලැප් එකට මූණ ඔබාගෙන ලොකු වැඩක්.මම වොශ් එකක් දාගෙන ඇඳට පැන්නා.තාම ශන්ගා මගෙන් වචනයක් වත් ඇහුවෙ නෑ.හරි නම් අහන්න එපැයි ඇයි පරක්කු උනේ කියල වත්.එයාට ගානක් වත් නෑ වගේ...පැනපු ගමන් මං ඇඳේ වැතිරුණා.

"යීබෝ..ගිහින් අපි දෙන්නගෙ කෑම දෙක අරන් එන්න"

"ආහ් ශන්ගා මං ශෙන් එක්ක කෑවනේ...ඉන්න මං ඔයාගෙ එක අරන් එන්නම්"

"නෑ ඕන් නෑ"

මං ඇඳෙන් බහිද්දිම එයා ඕනි නෑ කියාගෙන පුටුවෙන් නැගිට්ටා.මං දිහා හැරිලා වත් බැලුවෙ නෑ.

.......................................................................

පහුවදා යුනි ඉවර වෙලා මං කාර් එක ගාවදි ශෙන් එක්ක ටිකක් වෙලා කතා කර කර හිටියා.

"චූටි මහත්තයා...මේ කරන වැඩේ අපේ සර් දැනගත්තොත් ලොකු විනාසයක් වෙන්නෙ"

මං කාර් එකට නැග්ගම ඩ්‍රයිවර් අංකල් කිව්වා.

"මං වරදක් කලේ නෑනේ අංකල් ඉතිම්..."

"ඒක දන්නේ මං විතරනේ චූටි මහත්තයා. පරිස්සමෙන් මොන දේ කලත්"

"හරී. අපි යන්කෝ අද ටිකක් ඇවිදින්න .වෙගාස් ගගාගේ ශොපින් මෝල් එකට යමු ඉස්සෙලම"

මට ඕනි උනේ ඇත්තටම ටිකක් පරක්කු වෙලා ගෙදර යන්න . ශන්ගට තේරෙයිනේ මගේ අගේ එතකොටවත්.

.
.
.
.
මං ගෙදර යනකොට හොඳටම කලුවර වැටිලා. පහල කව්රුත් පේන්න හිටියෙ නෑ. කාමරෙත් ලයිට් ඕෆ් කරලා.මේ ශන්ගා කොහේ ගියාද අප්පා පේන්න වත් නෑනේ.මං එයාව හොයලා බැරිම තැන කාමරේට ගිහින් ලයිට් එක දැම්මා.

"අම්මෝහ්...!"

එකපාරට දැකපු දෙයින් මට කෑගැස්සුනා.ශන්ගා කලුවරේම පුටුවක ඉඳගෙන දොර දිහා බලාගෙන ඉන්නවා හරියට හොල්මනක් වගේ.

"ශන්ගා..."

එයාට හොඳටම කේන්ති ගිහින් වගේ.මාව පුච්චලා අලු කරලා දාන්න පුලුවන් බැල්මක් දාගෙන එයා මං ගාවට එද්දී නිකම්ම මාව අඩියක් පස්සට ඇදුනා.

"ශෙන් කියන එකා තමුන්ගේ කව්ද?"

"ශ..ශන්ගා.."

BLAcK DiAmOnD 💎 (Completed )Where stories live. Discover now