♡ 01

72 10 1
                                    

මිස්ටර් මෆින්,

මට ඔයාව හම්බුනේ තෙලෙස්කෝප් කොෆී ශොප් එකෙදි. මම හිතන්නෙ ඔයාට අමතක වෙන්න විදියක් නෑ. මගෙ කොෆී එක ඔයාගෙ මෆින් එකත් එක්ක පැටලුනු එක මගෙ වරදක් නෙවෙයි.

ඔයා හරි කේන්තිකාරයෙක් !

මම කැමතියි ඉක්මනට කේන්ති ගන්න අයට. ඒත් මට බනිනවට නම් කැමති නෑ. ඔයාට මගෙ හිත ගියෙ කවදද ? කොහොමද ? කියලා මම දන්නෙ නෑ. මම දන්නෙ මගෙ හිත ඔයා ළඟ නැවතිලා කියන එක විතරයි.

මම දවස් කීපයක් කොෆී ශොප් එක ළඟට ආවා. ඔයාව දකින්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක. ඒත් ඒක කැඩිලා ගියෙ ඔයා ආපු නැති නිසා වෙන්න ඇති.

පහු වෙනකොට ඔයාගෙ විස්තර හොයාගන්න පුළුවන් උනත් මට ඕන උනේ ඔයා දිහා දුර ඉඳන් බලාගෙන ඉන්න. ඔයා මට අකමැති වෙනවා දකින්න මට ඕන උනේ නෑ.

ඒත් අර කොණ්ඩේ දිග කෙල්ල ? ඔයා එක්ක කතා කරපු දවසෙන් පස්සෙ මට ඕන උනා ඔයාට මේක කියන්න.

මම ආදරෙයි !

පුළුවන් නම් එන්න, ඔයා ළඟ නැවතුනු මගෙ හදවතත් අරගෙන.

ටේහ්‍යුන්ග් ...

◇◇◇

ᴀɴᴛɪ-ʜᴇʀᴏ • ᴛᴀᴇᴋᴏᴏᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now