(පසුදා උදේ..)
මට ඇහැරෙනකොට හොඳටම දවල් වෙලා.මං එහා පැත්තේ ටේබල් එක උඩ තියෙන ඔරලෝසුව දිහා බැලුවා.මොනවා! 11 ත් පහු වෙලා. වෙනදා පාන්දර මට බැන බැන මාව ඇහැරවන ශන්ගා අද වචනයක් වත් නොකියා කාමරෙන් ගිහින්. දවල් වෙනකම් නිදාගන්න පුළුවන් උනත් අද ඒ ගැන මට කිසිම සතුටක් නෑ..ඒ වෙනුවට මට තිබුනේ මහ පාලුවක් දුකක් .මං දොර දිහා බලාගෙන හිටියා.
"ආ ගුඩ්මෝනිම් කොල්ලෝ"
"වෙගාස් ගගා....කොයි වෙලාවෙද ආවේ?"
මං දුම් දාන කොෆී එකක් අතේ තියන් ඉන්න වෙගාස් ගගාගෙන් ඇහුවා.
"දැන් පැයක් විතර ඇති අපි ඇවිල්ලා.ආහ් මේක බීලා ඉනන"
"අපි කිව්වේ කව්ද ගගා? පීට්?"
"ඔව් පල්ලෙහා කෑම කනවා."
"එතකොට ශන්ගා කෝ ?" මම ඇහුවේ කෝපි එක අතට ගන්න ගමන්
"ඇයි දන් නැද්ද ඌ කොරියා ගිහින්"
"මොකක්..!"
"4.00 flight එකේ ගිහින් තියෙන්නේ. මං හිතුවා ඔයා දන්නවා ඇති කියලා."
"නෑ...මට කිව්වෙ නෑ එයා මං එක්ක තරහින් හිටියේ"
"ආ ඒක තමයි මේ එහෙනම්..පවුල් ප්‍රශ්න මං දන්නෙ නෑ..ඕක බීලා පහලට එන්න " එහෙම කියාගෙන වෙගාස් ගග පහලට ගියා.
දෙයියනේ ශෙන්! මොනා උනාද දන් නෑ එයාට .මම කෝපි එක එහෙම්මම තියලා පහලට දුවගෙන ගියා.
මං පඩිපෙලේ බැහැගෙන යන වෙගාස් ගගාව පහු කරන් දුවද්දී එයා මටකතා කලා.
"ඒයි පොඩි man , කොහෙද පන කඩාගෙන දුවන්නේ?"
"අර පල්ලෙහා කාමරේ මගෙ යාලුවෙක් ඉන්නවා."
"පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ඔයාට බෑ එහෙට යන්න.අනික කවුරු කිව්වා ? යාලුවෙක්?"
"ඔව් ශෙන් කියලා යාලුවෙක්.මගෙ වරදක් නිසා එයා එතන ඉන්නේ ගගා..එයා අහිංසකයි"
"මොනවා ! ශෙන්? යීබෝ මං උඹට කලින්ම කිව්වානේද කල්පනාවෙන් වැඩ කරන්න කියලා."
පීට් කොහෙද ඉඳන් මං පස්සෙන් දුවගෙන ආවා.මං නවතින් නැතුව කෙලින්ම එතනට ගියා.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanfictionවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤