𝐒𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 💙♥️🖤
•
•
•
තෙවන කතාංගය
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
•
•
•
උදෑසන හිරු කිරණ ටිකෙන් මධ්‍යහනට ළං වන විට Yilling හී ජනග්‍රහනය අධික නගරයේ විශාලම මහල් සංකීර්ණයේ ඉහලම මහලේ අතිසුඛෝපභෝගී නිවසක සහෝදරයන් දෙදෙනෙක් සහා සහෝදරියක් විසිත්ත කාමරයේ අසුන් ගෙන සිටිනවා.
එක් අයෙක් වත් කතාවක් නැහැ. එයට හේතුව තවමත් ඔවුන් ට පැමිණෙන්නට කියූ හේතුව කියන්නට බාලම සහෝදරයාට නොහැකි වීමයි.
තම ස්වාමිපුරුෂයා රැකියාවේ යෙදී සිටින නිසා නිවසේ වැඩි යමක් කිරීමට කිසිවක් නොතිබූ Jiang Yanli තමන් ගේ බාල සහෝදරයා යමක් පවසන තුරු නිහඬවම බලා සිටින්නට වුනා. ඒත් Jiang Cheng නම් සිටියේ කොයි වෙලෙදෝ බුරා පනින්නේ කියලා බලාගෙනයි. මේ ඔහුගේ එකම නිවාඩු දවසයි. ඔහු එයත් කැප කරගෙන තමන් ගේ මෝඩ සහෝදරයා Wei Ying බලන්නට පැමිණියත් තවමත් ඔහු කිසිවක් පවසන්නේ නැහැ.
"මේ හොඳටම ඇති. ඔයා කවද්ද එයාට දැන් කියන්නේ?"
"අහ්...මම හිතුවේ...එයාගේ උපන් දිනේ දවසට කියන්න." Wei Ying ඔහු වෙනුවෙන් Yanli සෑදූ විශේෂ කුකීස් එකක් අතට ගනිමින් පැවසුවා.
"උපන් දිනේ දවසේ? ඇයි එයා එන්නේ 20 නෙමෙයිද?" Jiang Cheng ඇහි බැමක් එසෙව්වා.
"ඔව් ඒත් එයාගේ උපන් දිනේ 23 නේ? මම කියන එක තේරුම් ගන්නකෝ...." Wei Ying තමන් ගේ පැත්තෙන් තමන් ව ගිලින්න වගේ සිටින Jiang Cheng දෑස් මග හරිමින් පවසන්නට වුනේ අවසන් වචන ටික Yanli දෙසට හැරී කියමින්.
BẠN ĐANG ĐỌC
𝐎𝐧𝐜𝐞 𝐔𝐩𝐨𝐧💙♥𝓐 𝓣𝓲𝓶𝓮 ᶜᵒˡˡᵉᶜᵗⁱᵒⁿ
Fanfictionමගේ හිතේ මැවෙන පුංචි පුංචි විකාර අදහස් වලින් උපන් කතා එකතුවකට මුල පුරන තවත් එක් ගමනක්.... ආදරය කියන පාට පාට ලෝකයේ.... අපේ හිත් වල පමණක් ජීවත් වන සුන්දර ප්‍රේම වන්තයන්....වන්තියන්.... සමග....♥️ සුන්දරම සිහින පාරාදීසයක් මවන්නට කරන මේ වෑයමට ඔබටත් ආරා...