එදා සීතල උදයක්...කඳු පන්තිය ම මීදුමෙන් වැහිලා....කට කට ගාලා ගැහි ගැහි කම්මැලි කමේ තඩි රෙද්දක් පොරෝගෙන,ඔලුවෙ ඉඳන් පොරොවගෙන ආපු මනූ දිහා අම්මා බැලුවෙ කේන්තියෙන්......දැන් බලනවා කීයද කියලා වෙලාව??? යසයි ගෑණු ළමයෙක් හැදෙන හැටි....උඹ බඳින මිනිහ මේ මට තමයි කවදා හරි බනින්නෙ 😒 අනේ අම්මේ හරි හීතලයිනෙ .... කිරි එකක් දෙන්නකෝ....දැන් උදේ අටටත් ළඟයි....මොන කිරි ද?මන් අල බැදුන් එක්ක බත් උයලා තියෙන්නේ .....ඒක ඇහුව ගමන් කොහෙවත් නැති බඩගින්නක් මනූට ආවා....අම්මා දන්නවා මනූ අල බැදුම් කන්න හරි ආසයි කියලා...වෙනදා නම් අම්මා නිවාඩුදාට අල බැදුමයි කිරි බතුයි උයන්නෙ....එදාට මනූ උදේ,දවල් දෙකේ ම කන්නෙ කිරිබත් විතරයි ....(අම්මා නොදන්න දෝණි😁) හැබැයි අම්මා අද උදේනම් කිරිබත් ඉව්වෙ නැත්තෙ ඊයේ රෑ එළිවෙනකන් වැස්ස නිසා.....අම්මා මනූ නිදාගෙන හිටපු ඇඳ හදලා එනකොට ඉස්මුරුත්තාව හැදෙනකම් කාල බඩත් අතගගා එන මනූව දැකලා හිනත් ගියා....(ඒත් ඒක මනූට පෙන්නුවෙ නෑ...😎) ඔය ළමයා නම් කවදා හැදෙයි ද මන්දා...බලනවා ළමයො කාමරේ හැටි...රෙදි ගලෝපු ගලෝපු තැන්වල...පොත් මේසෙ දැක්කම සංසාරෙ එපා වෙනවා...මොන විදියට හැදෙන ළමයෙක් ද මන්දා??? මනූ ගණන ගනී ඕවා....යසට මොකුත්ම ඇහුනෙ නෑ වගේ ගිහින් මෙන්න මේකි ටීවී එකේ cartoon network channel එක දාගෙන .....සෙටියෙ දබොයියගෙන කකුල් උඩ දාගෙන ben 10 බලනවා....අම්මා කුටු කුටු හගා බැන බැන ගියෙ..මේව කියනවට වඩා කට ගලක අතුල්ල ගත්තනම් කොච්චර හොදද කියලා හිත හිත.....😤 මනූ කෙල්ලෙක් තමා...හැබැයි හිටියෙ කොල්ලා වගේ ..වගේ නෙවෙයි කොල්ලෙක්මයි....කලු කෙට්ටු ,උස, කොන්ඩෙත් කොටටම කපලා හිටපු මනූ තමා ගෙදර හුරතලේ....❤ විශේෂයන් අප්පච්චිට මේ දෝණි වගේ අගේ වටින වස්තුවක් තවත් නෑ......
මනූල හිටියෙ නිවිතිගල පැත්තෙ තේ වත්තෙ ක්වාටස් වල....අප්පච්චි tea factory officer කෙනෙක්....අම්මා midwife කෙනෙක්....මේ දෙන්නගෙ පණ ටික තමා මනූ....හැබැයි මේ දෙන්නගෙ ආදරේ තවත් කෙනෙකුට බෙදිලා ගියා....මනූ ඒකට හිත රිද්දගන්නෙ නෑ...ඒ ඉතින් මනූගෙ අයියනෙ ...ඒකයි...😁
මනූලගෙ ගේ ගාවින්ම තමා බස් යන පාර තියෙන්නේ.....පාරෙන් එහා පැත්තෙ තේ ෆැක්ට්රිය.......රත්නපුරේ හොඳම ඉස්කෝලෙකට යන මනූ උදේ ඇහැරවන එක තමා අම්මටයි අප්පච්චිටයි තියෙන ලොකුම හිසරදේ.....පාන්දර 5.30ට school bus එක ඇවිල්ලා hone එක ගහනකොට තමා මනූ කොණ්ඩෙ පීරන්නෙ....අම්මා බැන බැන බෑග් එකත් එල්ලගෙන මනූවත් ඇඳගෙන යනවා....අප්පච්චි සපත්තු මේස් උස්සගෙන පස්සෙන් යනවා....ඔයා තමා මේ ළමයා නරක් කරන්නෙ පව්නෙ කිය කිය උදේ ඇහැරවන්නෙ නෑ...බලන්න කොච්චර ලැජ්ජ ද කියලා....අම්ම අන්තිමට අප්පච්චිට බනිනවා...අප්පච්චි හිනා වෙවී අහගෙන ඉන්නවා.....බස් එකට ගිය මනූ සපත්තු දාගෙන, කොන්ඩෙ පීරගෙන හොඳ ළමයෙක් වගෙ අනිත් අය නගින කොට ඉන්නවා ...මොකද එයා තමා ඉස්සරවෙලා ම බස් එකට නගින්නෙ.....😏
