මම ඉස්කෝලෙට ආපු ගමන් දිව්වෙ ඉස්කෝලෙ ප්රධාන ගේට්ටුව ළඟට.ගේට්ටුවට ටිකක් විතර මෙහාට වෙලා බෙල්ල උස්ස උස්ස බැලුවෙ පාර දිහා මගේ කෑම පෙට්ටිය දැන් එයි දැන් එයි කියලා හිතලා.වෙනදට බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියලා ඉස්කෝලෙට ආපු මම අද කළින්ම ආපු නිසා කෑම පෙට්ටියත් අමතක වෙලා.කවුරුම හරි කෑම පෙට්ටිය උස්සගෙන එයි කියලා හිතුවෙ මේ දවස්වල කැන්ටින් එකත් වහලා නිසා.
කොහේද ඉඳලා වේගයෙන් ආපු බෝලයක් මගේ උරහිසේ වැදුනෙ ඒ වෙලාවෙදි.
"ආව්..."වේදනාවෙන් උරහිසත් අල්ලගෙන බෝලෙ ආපු පැත්ත බලද්දි දැක්කෙ පිට්ටනියෙ ටිකක් ඈතින් වගේ වොලිබෝල් ප්රැක්ටිස් කරන ළමයි ටිකක්.
"ඒයි ඔය බෝලෙ මෙහාට දානවා"මම බිමට වැටුණ බෝලය අතට අරගද්දි දැක්කෙ මම ළඟට දුවගෙන එන කොල්ලෙක්ව.
'ඈ මොන කොල්ලො ද ගර්ල්ස් ස්කූල් වල'
ආයිමත් මම ඇස් හීනි කරලා ඔලුව උස්සලා බැලුවෙ මගේ ඇස්වලට එබීගෙන ඉන්න ඒ නපුරු ඇස් දෙක දිහා.දාඩියට නළලට ඇලිලා තිබුණ කොණ්ඩෙ අතරින් පේන ඒ ඇස් ඉර එළියට දිලිසෙනවා.
"මේ තමුසෙට ඇහෙන්නෙ නැද්ද පොඩි එකෝ ඔය බෝලෙ දෙනවා මෙහෙට"
"ආ පොඩ්ඩක් ඉන්න "මම ඒ වෙලාවෙ ආපු අදහසකට ගේට්ටුවෙන් එහා පැත්තට බෝලෙ විසික් කරා.
"අන්න ගන්නවා ඉතින් හහ්"
"මොන මගුලක් ද මේ මොකක්ද තමුසෙ කරේ?"
එයා කේන්තියෙන් කෑ ගහද්දි මම හිනා වුණා.
"එක...බෝලෙ මගේ උරහිසේ වැදුණා.තමුන් ඒකට සොරි කිව්වෙ නෑ දෙක මම පොඩි එකෙක් නෙවෙයි"
"අර්..ඒක වැරදීමක් ඕයි.ගිහින් අරන් එනවා විසික් කරා වගේ"
"මො.."
"අහස්යා වරෙන් බන් ක්ලාස් එකට මිස් උඹව හොයනවා"ඈතින් ඇහුන මුතූගෙ කටහඬ නිසා මම කියන්න ආපු එකත් නවත්තලා ඒ පැත්ත බැලුවා.
"හරි බන් පොඩ්ඩක් හිටාම්."
"මම තමුසෙ ගැන පස්සෙ බලාගන්නම්"මම ඒ කෙල්ලටත් රවලා පන්තියට දුවගෙන ආවෙ මුතූ එක්කම.
YOU ARE READING
දේදුණු හීන
Short Storyමගෙ ඇස් හැමදාම හෙව්වේ නුඹයි...මේ ඇස් පියවෙනා තුරා ආදරෙයි... මේ අහස්යාගෙයි අභිරූගෙයි ආදරය...💞