5 𝚃𝙷 𝙲𝙷𝙰𝙿 🖤

208 38 12
                                    

ටේ ජිමින්ව වගේ ම හෝසොක්වත් ඇදගෙම වොශ්‍රූම් පැත්තට ගියෙ තරහෙන් වෙව්ලන ගමන්. අයිතියක් නැතුව සෝ හියුක් කරපු දේට ටේට දැනුනෙ ලොකු කේන්තියක්. ජිමින් ටේත් එක්ක වෙන දෙයක් හිතාගන්න බැරුව ඇදිලා ආවත් හෝසෙක් මගින් නැවතුනෙ එයාට ලෙක්චවලට යන්න තිබුන නිසා.

ටේ වොශෲම් එකට ගිහින් සෝ හියුක් අත තියපු එයාගෙ කකුල හෝදන්න ගත්තෙ රතු වෙන තරම් තද කරලා අතුල්ලලා. ජිමින් මේ දිහා ටිකක් වෙලා බලං හිටියත් ටේගෙ මූණ රතු වෙලා තියන විදිහෙන් තේරුම් ගත්තා මොකක් වුනත් වැරදි දෙයක් වෙලා කියලා.

" ටේ මොකද වුනෙ.... ඇයි මෙ "

කකුල අතුල්ලන ගමන් හිටිය ටේගෙ උරහිසට අත තියන ගමන් ජිමින් වචන ගැලපුවා.

" අර ජරාව මගෙ කකුල ඇල්ලුවා...."

" මොකක්.... "

" ඔව්..... මට අප්පිරියයි "

ටේ කියද්දි ජිමින්ටත් දැනුනෙ තරහක්. එයාගෙ යාලුවට බලෙන් අත තියන්න කාටවත් බැ.

" ටේ එන්න අපි.... යුංගි හියොංට කියමු... "

" ඕන්නෑ.... ජිමිනි...."

" නැ.... නැ.... එන්න යමු.... ආය ඔය වගෙ වැඩ නොකර ඉන්න පාඩමක් උගන්නමු.... "

" ඒත්.... "

ජිමින්ගෙ බලකිරිල්ල මැද්දෙම ටේත් ජිමින්ගෙ පස්සෙන් ම ඇදිලා ගියේ ජංකුක්ලා ඉන්න දිහාට.

ජිමින් යුංගිට කෝල් එකක් අරගෙන තැන අහගෙන යුනිවසිටි ග්‍රවුන්ඩ් එකේ යුංගිලා ඉන්න තැනට ආවා.

" ජිමිනි.... "

ඈත තියාම ටේවත් ඇදගෙන තමන් දිහාවට එන ජිමින්ව දැක්කම යුංගි ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඉස්සරහට ගියේ ජිමින් ඉන්නෙ හොදින් නෙවෙයි කියලා තේරුන නිසා.

" බබා.... මොකද මෙ අහ්හ් "

ලගට ආපු ජිමින්ගෙ කම්මුලක් අල්ලගෙන යුංගි වචන ගැට ගැහුවෙ ගොඩක් සන්සුන්ව.

" හියොං ටේට ප්‍රශ්නයක් වුනා... "

ජිමින් යුංගි දිහා බලලා කියද්දි ජිමින් පිටිපස්සෙන් හිටගෙන ඉන්න ටේ දිහා බලාගෙන හිටිය ජංකුක් බෙන්ච් එකෙන් නැගිටින ගමන් ජිමින්ට කිට්ටු වුනා.

вαву gιяℓ 🖤💫Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ