Xiao Zhan's P.o.v
එයලා එක එක දේවල් ගැන ගොඩක් වෙලා කතා කලාට මම ෂැම්පේන් ග්ලාස් එකක් තියන් එතන ඉදන් හිටිය මිසක් හාවක් හූවක්වත් තියන්න ගියේ නැහැ.. මම එතන ඉදගෙනම හිටියේ මරනෙට නියම වෙච්ච හරකෙක් වගේ..
ඩෙවෝන් මුහුනට මාත් එක්ක කතා නොකලට හොරෙන් මා දිහා බලන් ඉන්න එක.. නැත්තම් මුහුන බලලා කින්ඩියට හිනා වෙන එක දැක්කම මගේ බඩපපුව පත්තු වෙන්න ගන්නව.. නිකන් ආයෙත් වමනේ යන්න වගේ...
ඒත් මම ඒව පිටතට පෙන්නන ගියේ නැහැ..
කොහොම හරි අපි ඉදන් හිටියේ Roulette table එකක.. තැනින් තැන එක එක සල්ලිකාරයෝ අත දිගහැරලා ඔට්ටු අල්ලනකොට අපේ ටේබල් එකේ හිටියේ Pinyan Company එකෙන් ආව කිව්ව බඩ තඩියයි.. තව කාපිරි දෙන්නෙකුයි , සුද්දෝ තුන් දෙනයි , ජේකුයි ඩෙවෝනුයි.. පිනා හැරුනම එතන හිටපු හැමෝම ලග භාගෙට හෙලුවෙන් ඇගේ ඇතිල්ලෙන කෙල්ලෙක් හිටිය...ලූලූ අවේ නැති නිසා චෙන් යූ පවා ලග කෙල්ලෙක් තියන් හිටිය..
Roulette ගැන මෙලෝ දෙයක් මම නොදැන හිටියට වටයක් දෙකක් අනිත් අය සෙල්ලම් කරනකොට වෙන්නේ මොනවද කියලා ලාවට ලාවට මට තේරුනා..
සරලව කිව්වොත් '00'-'36' වෙනකන් අංක වලට මෙයාලා ඔට්ටු තියනවා.. ඊටපස්සේ Roulette wheel එක කරකවලා අර සුදු පාට පොඩි බෝලේ නතර වෙන අංකේට ඔට්ටු අල්ලපු කෙනා දිනනවා.. ඔට්ටු අල්ලන්න එක එක ක්‍රම එතන තිබ්බා.. අංක දෙකකට සමහරු ඇල්ලුවා.. සමරු තුනකට ඇල්ලුවා..සමහරු පාට වලින් ඇල්ලුවා.. හැබැයි මෙයාල කෙලින්ම සල්ලි නෙමෙයි තියන්නේ ඒ වෙනුවට Casino එකෙන්ම දෙන coins..
මම බලාගෙන පලවෙනි වටේ පිනා අටයයි නමයටයි ඔට්ටු අල්ලනවා.. අනිත් අයත් ඔට්ටු ඇල්ලුවට පිනාට චාන්ස් එක කැරකුන..
හැබැයි දෙවෙනි වටේ පිනා පැරදුනා.. දින්නේ අර කාපිරි දෙන්න.. ඔය විදිහට වට හයක් හතක් ඉවර වෙනකොට එක එක්කෙනා දින්නත් පිනාට ආයේ චාන්ස් එකක් ආවේ නැහැ...
" ඇයි ජාන් එක පාරක් ට්‍රයි කරලා බලන් නැත්තේ... "
හරි..මෙච්චර වෙලා කටවහන් හිටිය ඩෙවෝන්කාරයා ඔය දැම්මේ පරමාණු බෝම්බයක්..
VOCÊ ESTÁ LENDO
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanficDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚