එදා රෑ ලෙලේ ශාන්ගේ ගෙදරට ආවේ ස්ටීව්ගෙ සහෝදරයගෙ විස්තරත් හොයාගෙනමයි.
"මිනිහගෙ නම හැරී .ඉගෙනගෙන තියෙන්නේ ඇමරිකාවල ස්ථිර පදිංචියත් එහේ.පුතෙක් ඉන්නවා.wife මීට අවුරුදු කිහිපයකට කලින් නැති වෙලා."
"හැරී? මේ ෆීල්ඩ් එකෙත් ඉන්නවනෙ හැරී කියලා මිනිහෙක්. කාලෙක ඉඳන් අපි එක්ක පැටලෙන්න බලාගෙන"
"ඔව් පුතා . ඒත් හැරී කියන්නේ කොමන් නමක්නේ .අපිට එකපාරට එහෙම නිගමනය කරන්න අමාරුයි. "
"ඔව් ඒක ඇත්ත සනී." වෙගාස් කිව්වා.
"හොඳම වැඩෙ තමයි හැරී එයාගේ පුතයි දැන් ඇමරිකාවෙ නෑ."
"එහෙනම්?"
"එයාලා දැන් ඉන්නේ චීනෙලු"
ලෙලේ ෆොටෝ දෙකක් මේසේ උඩින් තිබ්බා.
"ඇමරිකාවේ ඉන්න මගේ විශ්වාසවන්තයෙක් එව්වේ මේක"
.
.
.
"යීබෝ නැගිටින්න. යීබෝ ඉක්මනට... "යීබෝ අවදිවුන පසු ඩේව් ඔහුගේ අත්වලට ආයෙම දම්වැල් දාලා කලබලෙන් දොර ඇරියා.
එතකොට ඇතුලට ආවේ ස'වන්ට් කෙනෙක්.ඔහු ඩේව්ගේ කෑම එක අරන් ඇවිත් තිබුනා.
"බේබි මේ කෑම එක "
"ටේබල් එක උඩින් තියලා යනවා."
කෑම එක මේසේ උඩින් තිබ්බ සේවකයා යීබෝ දිහාත් බලලා එලියට යන්න ගියා. ඒ වහාම ඩේව් නැවත දොර ලොක් කරලා යීබෝව ලෙහුවා.
"ඔයාට කම්මැලි නම් ටීවී දාන්නද? "
"එපා"
"එහෙනම් ගේම් එකක් ප්ලේ කරමුද?"
"මට බෑ"
"එහෙනම් සින්දුවක් අහමුද?"
"............."
යීබෝ ඒකට කිසිවක් නොකියපු නිසා ඩේව් එයාගෙ ෆෝන් එකෙන් සින්දුවක් ප්ලේ කලා.
යීබෝ ඒ දිහා බලන් හිටියේ කිසිම හැඟීමක් නැති හිස් බැල්මකින්.
"ඕක බෝරින්"
අවස්ථාවෙන් ප්රයෝජන ගන්න හිතපු යීබෝ කිව්වා.
YOU ARE READING
BLAcK DiAmOnD 💎 (Completed )
Fanfictionවැඩිපුරම වෛරයක් ඇතිවෙන්නේ කලකදි වැඩිපුරම ආදරේ කරපු හිත්වල....🖤