Chapter 72

5.5K 525 58
                                    

ජාන් උන්නේ ලිපි ගොනු තොගයක් තුළ සිරවීය.

"ජානා...හුත්තෝ...."

" මොකද පකෝ..."

" පියා සහා දියණිය අතර ගැටුම් ඉවරද දැන්.."

" හ්ම්...මං කල්පනා කලේ යූට කෙනෙක්ව හොයලා දෙන්න..."

" පව් යකෝ පොඩි එකී...ඒකිට තියෙන්නෙත් හිතක්...මාසෙද අවුරුද්දද දවසද අදාළ නෑ...ඒකී කලේ ආදරයක්...දැම්මම ඕවා ඔලුවට දාලා ආයේ.."

" නෑ හුත්තෝ...යූට ප්‍රේශර් කරන්න මට ඕනි නැ..කෙල්ල ඩිග්‍රි එක අරන් stable වෙනකල් ඉන්න ඕනි...ඒත් ගහෙන් ගෙඩි එන්න වගේ හොයන්න බෑනේ...මං හිතුවේ කොල්ලෙක් මං සිලෙක්ට් කරගෙන ඌ ගැන නිරීක්ෂණය කරලා එකක් සිලෙක්ට් කරමු කියලා..."

" හොඳ අයිඩියා එකක්...හොයමු හොඳ අත්තක පුතෙක්ව..."

" ව්‍යාපාරිකයෝ නම් එපා...හොඳ ජොබ් එකක් කරන එකෙක්ව...gentle එකෙක්...මං ව්‍යාපාරිකයෙක්...මට කොච්චර යීබෝව miss වෙනවද බං...යීබෝ වගේ කට්ටක් කාගෙන ජීවත් වෙන්න ඒකිට පුළුවන්...ඒත් මට ඒකීට පුළුවන් කියලා අතහරින්න බෑනේ..."

" මං බලන්නම් බං...ඇත්තද චෙන්ගේ පුත්තර රත්නේ චීනෙට එනවා කියන්නේ..."

" ම්ම්..ඔව්...ඒක හොදයි..ඩ්‍රේන්ට අදින්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි බං..ඌ ඉගෙන ගන්නවා කිකියා කට්ටි පනිනවා..ඩ්‍රේන් බිස්නස් එහෙමත් cover කරගෙන ඉගෙන ගන්න එකත් ඇදගෙන යන්නේ..එහෙමයි කියලා සේරම බර ඇදපං කියන්නද..?බෑ නොකියා ගොනා වගේ අදී..ඌටත් එසේ මෙසේ ලොකුකමක් නෙවෙයිනේ තියෙන්නේ..බෑ කියන්න මූ දන්නෙම නෑ බිස්නස් වලදි..ඔක්කොම හා..."

" හා කියනවා වගේම කොල්ලා අදිනවනේ බං..."

" ඌ අදිනවා...යීබෝ අරහේ වැළලෙනවා මගේ කොල්ලාට වැඩ..ඌට කන්නවත් බුදියන්නවත් වෙලාවක් නෑ...කිකියා.."

" රෙයාන්ටත් දැන් බිස්නස් හුරු කරපං බං..."

" කොල්ලාගේ path එක වෙනස් බං...ඌට බිස්නස් කියන එක ඔලුවේ නෑ ඩ්‍රේන්ට වගේ..එතකොට ඌට ඉගෙන ගන්න එක එක්ක කරන්න අමාරුයි.."

" උඹේ දරුවෝ තුන් දෙනා තුන් විදිහක් නේ..."

" ප්‍රින්සස් අර පුත්තරයෝ දෙන්නාට වඩා හාත්පසින්ම වෙනස්..අර ගල් ආදෝ දෙන්නාගේ වෙනස තියෙන්නේ උන් දෙන්නා එකම දේ කරන්නේ දෙවිදියකට...අරූ කෑ ගහලා රණ්ඩු කරගෙන මරාගෙන ඌට ඕනි දේ කර ගන්නවා...පොඩි ඇටයා හීන් නූලේ සද්ද නැතිව ඌට ඕනි දේ කර ගන්නවා..ඕකුන් දෙන්නා ඒ උනාට එකම වගේ psychopathලා..." ජාන් කීවේ ඩ්‍රේන්ගේ හා රෙයාන්ගේ වැඩ මතක් වී සිනහා වෙමින් ය

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora