රතු , කහ , රෝස වගේ ම ලා කොල පැහැයෙන් හැඩ වුනු මේපල් ගස් වලින් වට වුනු seoul star kids කිඩ්ස් පාර්ක් එකෙන් එලියට ඇහෙන සද්දෙට මම සවන් දුන්නෙ ඇත්තටම මම ඒකට ආස නිසාපුංචි ලමයි කියන්නෙ මගෙ ජීවිතය , මං ඒ තරම්ම මේ අහිංසක ලමයින්ට ආදරෙයි ! ලමයි රෝස මල් වගේ හරි ම මුදුයි ! බොලදයි ! ඒත් ඒ මල් රකින අතු වල කටු ගොඩක් රලුයි !
මට අඩන්න ඕනි නැහැ , ඒත් නොනවත්වා ම ඇස් වලින් ගලන කදුලු වලට මම වයිර කරනවා ! මට ඔයාට දුන්නු පොරොන්දුව රැක ගන්න බැහැ i hate myself . මං ආපහු ඇවිත් අපේ ආදරය දලු ලා වැඩුනු තැනට .
අවුරුදු 10 ක් ගෙවුනෙ ඇහි පිල්ලම් ගහන වේගයට , කාලය ඉක්මනින් යනවා දින සති මාස අවුරුදු බවට පත්වෙලා යනවා ! කාලය රන් හා සමානයි ! වටිනවා ගෙවුනු කාලයට මං ආදරෙයි ඒ කාලය ආපහු ගන්න පුලුවන් නම්
ඇයි ආදරය මේ තරම් වේදනාව ගෙන දෙන්නෙ ආදරය ගොඩක් ලස්සන දෙයක් නෙ ? ඔව් ආදරය ලස්සන මතක රැසක් නමුත් සමහරැන් ට ආදරය සතුටක් වෙද්දී සමහරැ න් ට ආදරය වේදනාවක් ! ආදරය නිසාම ජීවිත කීයක් නම් අපිව දාලා ගිහිං තියෙනව ද ? කීයක් නම් විදවනව ද ? මේ ඔක්කොට ම මුල බැදීම් නේද ?
ජීවිතය හරි යට රෑට පිපෙන කඩුපුල් මලක් වගේ ! ජීවිතය පිපෙනවා ජීවිතය සුවද දෙනවා ඒ වගේ ජීවිතය පරවෙනවා හරි යට කඩුපුල් මලක් වගේ එසැන පිපෙන මල මොන තරම් සුවදක් එක් කරනවාද ? නමුත් ඒ සුවද විදින්න කෝ සමනල්ලු ? නමුත් එක සමනලයෙක් හරි කඩුපුල් මල වෙනුවෙන් හදවතිම් ම හිටියොත් කඩුපුල් මල පරඋනාම ඒ සමනලයට කොහොම දැනෙයිද ?
බැදීම්...................බැදීම්............
මේ ඔක්කොට ම මුල ඔයයි මං වයිර කරනවා !නොදැනුවත් වම මං ඔයා ලගට ඇවිත් ! මගෙ පාලුව මකන්න ඉන්න විශාල චෙරි මල් ගසකුයි ඔයාගෙ ස්මාරකයයි තමයි මගෙ මුලු ලෝකෙම ! අතරින් පතරින් හමා එන මූසල සුලං හරි සීතලයි නේද ? එනවද මගෙ තුරැලට මගෙ උනුසුම ට ? කලින් වගේ අස නැද්ද ?
මං ඒ සිනිදු ස්මාරකයෙහි උඩ සිට පල්ලෙහාට අතින් රටා ඇන්දෙමි . ක්‍රම ක්‍රමයෙන් මගෙ දෑත් ලං වූයෙ ස්මාරකයෙහි වූ නම වෙතටයි
YOU ARE READING
IN FRONT OF U ( TAEKOOK ) Completed
Fanfictionනම්සන් කුලුන ආදරයෙ සංකේතය වෙන්න පුලුවන් ! නමුත් අදුරට ගිය පරිසරයෙ මේපල් ගස් යට සීත සුලං පහස රැදී ඔබේ උනුහුම , මට ආදරයෙ සංකේතයයි !