"හා හා ඉක්මනට ඇඳුමක් ඇඳන් එනවා. මට මේ බඩු ටික අස් කරන්න උදව්වක් ගන්න"
"හා අයියේ"
මට ඇඳුමක් ඇඳගන්න කියපු එයා මං හේත්තු වෙලා ඉන්න බිත්තියට තියලා තිබ්බ එයාගෙ අත ආයෙම සාක්කුවට ඔබාගත්තා. දැන් මං එතකොට මෙයා ඉස්සරහද ඇඳුම් මාරු කරන්න ඕනි? මට බෑ මට බෑ මං යනවා බාත්රූම් එකට. ඇඳුමක් ගන්න මං අල්මාරියේ දොර ඇරියා.
"මොකද පැත්තක් හිස් වෙලා "
"ආ ඒක.. මේ අයියට..."
"ම්ම්ම් Good"
තවත් මොකුත් නොකියා මං ඉක්මනට ඇඳුමක් අරගෙන බාත්රූම් එකට රිංගගත්තා.අපෝ මේ නපුරා එක්ක මං කොහොමද ඉන්නේ...හරියට මං ගිහින් එයාගෙ ගෙදර නැවතුනා වගේ. මං ඇඳුමක් දාගෙන එලියට යනකොට එයා මගේ මේසේ උඩ තිබ්බ මගේ චිත්ර වගයක් බලනවා.
"මේ ඔයාද ඇන්දෙ ?"
අයියා ඇහුවෙ මං දිහාවත් බලන්නෙ නැතුව.
"ඔව් අයියෙ "
"එහෙනම් මාවත් අඳින්න"
"මොකද්ද? "
"මාව අඳින්න .මගෙ චිත්රයක් අඳින්න කියලා කිව්වෙ."
"මං එච්චරටම දක්ශ නෑ අයියේ ..මට හොඳට අඳින්න පුළුවන් වෙයිද දන් නෑ.."
"ආ බැරිද? බැරිද කියනවා"
එයා මගෙන් බැරිද බැරිද ඇහුවෙ මං බෑ කිව්වොත් මාව ඉතුරු කරන් නෑ වගේ බැල්මකින් වෙනකොට මං බයටම පුළුවන් කිව්වා.
"නෑ පුළුවන් අයියෙ."
"ම්ම්ම්ම්"
එයා බිම තිබ්බ එයාගෙ suitcase එකෙන් ටවල් එකක් එලියට ගත්තා.
"මං එනකම් මේ රෙදි ටික අල්මාරියට දාන්න."
එයා බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. ම්ම්ම් කමක් නෑ මගෙ සහෝදරයෙක්නෙ ඉතින්. මම සූට් කේස් එක ඇරලා එකේ තිබ්බ බඩු ටික ඇඳ උඩින් තිබ්බා.ඊට පස්සෙ එක එක ඇඳුම් වෙන වෙනම අල්මාරියෙන් ඇහිරුවා. එයා නාගෙන එලියට එනකොට මං ඇඳුම් ටික අල්මාරියට දාලා ඉවරයි.
එයා එලියට ආවේ සුදු පාට ටවල් එකක් ඇඳගෙන. එයා කෙට්ටුත් නෑ මහතත් නෑ.හරි ගානට පිරුණු ඇඟක් තිබුනා.එච්චර ලස්සනට ඇඟ තියන් ඉන්නේ කෝමද ...එයා ජිම් යන්න ඇති. මං එයා දිහා බලන් ඉන්නවා එයා දැක්ක ගමන් මං ඒ ඇස් මගෑරියා.
YOU ARE READING
BE MINE🖤 (Completed)
Fanfictionමිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්රේම කරන්නේ එකම එක වතාවක් විතරයි....❤️💚