" ටේ බබා අර පැත්ත ඔයා බැලුවද "
ගාඩ්න් එක පෙන්නන ගමන් තේහියොං වගේම ජින්ගෙ අම්මා වුන මිසිස් කිම් අහද්දි තේහියොං ඒ පැත්ත හැරිලා තම්බ්ස් අප් එකක් දුන්නෙ ඔක්කොම හරි කියන ගමන්.
" එහෙනම් මං ඇතුලට යනවා.... තව වැඩ ටිකක් තියනවා... "
" හරි මමා "
ජින්ගෙ බර්ත්දේ එක නිසා මුළු ගෙදර ම මිනිස්සු අද ගොඩක් බිසී වෙලා හිටියෙ මුළු ගේම සරසන්න ඕනි වුන නිසා. පාටි එකට ජින්ගෙ යාලුවො වගේ ම මිස්ට කිම්ගෙ වගේ ම මිසිස් කිම්ගෙත් යාලුවො බිස්නස්මන්ලා එන නිසා එයාලට ඕනි වුනේ හැමදේම හොදම විදිහට සිද්ද වෙන්න.
මේ වෙලාවෙ මිස්ට කිම් ඔක්කොම පැත්‍තක දාලා බාර් එක පැත්ත බැලුවෙ ඒ මොනා නැතත් ඒ වැඩේ හරියට ම කෙරෙන්න ඕනි නිසා.
ජින්ගෙ පාටිය නිසා හවස හය වෙද්දි මුලු කිම් මැන්ශන් එකම ලස්සනට දිලිසෙන්න පටන් අරගෙන තිබුනෙ මිස්ට කිම්ගෙ දුර දක්නා නුවණ නිසා. එයාලට ඕනි වුනා ජින් කොච්චර ලොකු වුනත් එයා තාමත් තේහියොං වගේ ම එයාලගෙ පුංචි කොල්ලා කියලා පෙන්නන්න.
කිම් පවුල කියන්නෙ තමන්ගෙ ළමයින්ට මහ මෙරක් තරම් ආදරෙ කරන ආදරෙ දෙන ලස්සන දෙමාපියෝ දෙන්නෙක්. එයාලගෙ පුතාලා දෙන්නම ෆෙමින් විදිහට ඉන්න එක එයාලට අදාල වුනේ නැ. මොකද ඒ එයාලා අමාරුවෙන් උස් මහත් එයාලගෙ මැණික් කැට දෙක වුන නිසා. කිම් යුවල තමන්ගෙ දරුවො දෙන්නට උපරිම සැප සම්පත් වගේ ම උපරිම නිදහස දුන්නා. ඒ වගේ ම ගොඩක් පරිස්සම් කළා. මොකද ජින් තේහියොං කියන්නෙ කොල්ලො දෙන්නෙක් වුනත් ඒ දෙන්නා දිහා බලන කාට වුනත් ආයෙමත් ඒ ඇස් නං වෙන පැත්තකට යොමු කරන්න හිතෙන්නෙ නැති තරම් ලස්සන නිසා.
හවස 5.30 ට වෙලාව ලං වෙද්දි කිම් මැන්ශන් එකේ පාකින් ඒරියා එක, එක එක වර්ගෙ බ්‍රෑන්ඩඩ් කාර්වලින් පිරෙන්න ගත්තෙ ජින්ගෙ බර්ත්දේ පාටියෙ තියන විශේශත්වෙ කියාපාන ගමන්.
මේ අතරෙ හෝසොක් ජැක්සන් එක්ක වෙන ම කාර් එකක වගේ ම ජිමින් යුංගි එක්ක වෙන ම කාර් එකක ඇවිත් බැස්සෙ යුංගි එයාලා ආපු කාර් එක පාකින් ලොට් එකේ පාර්ක් කරද්දි.
එතකොට අපේ සින්ගල් බෝයිස්ලා දෙන්නා දුන නම්කුක් දෙන්නා ආවෙ එයාලගෙ බයික්වල.
පාකින් ලොට් එකට ම තමන්ගෙ බයික් තල්ලු කරපු කොල්ලො දෙන්නා පාටි හෝල් එක ඇතුලට එද්දි හැමෝගෙම ඇස් මේ කොල්ලො දෙන්නා පැත්තට හැරුනෙ හරියට වශියක් වෙලා වගේ.
ඒත් කොල්ලො දෙන්නගෙ ඇස් නං හෝල් එක පුරා දුවන ගමන් හෙව්වෙ වෙනම දෙන්නෙකෙව. ඒ ඉතිං බර්ත්දේ බෝයි වුන ජින් වගේම තේහියොංව.
" ඒ මෙහෙට වරෙං "
හෝල් එකේ ඩෝ එක ලග ඉදං වටේම කැරකි කැරකි කාවදෝ හොයන තමන්ගෙ යාලුවො දෙන්නව දැක්ක යුංගි අත උස්සලා නම්ජුන් කුක් දෙන්නට කතා කරද්දි කොල්ලො දෙන්නත් ඒ පැත්තට ගියා.
" කෝ බං ජින් "
නම්ජුන් අහද්දි යුංගි පැත්තකට අත දික් කලා.
" අර ඉන්නෙ.... උබෙ කෑල්ල "
" හිහි කව්ද ඒම එකක් කිව්වෙ "
නම්ජුන් නෝංජල් හිනාවක් දාද්දි යුංගි නම්ජුන්ගෙ පිටට සැර පාරක් ගැහුවා.
" උබට මාව ලොං හැලිච්ච පූසෙක් වගේ පේනව නං සොරි පුතා..... මං බ්‍රෑන්ඩඩ් පූසෙක්... "
" හිහි.... "
" හා දැං දෙන්නම පලයං..... කතා කරලා වරෙං "
නම්ජුන් වගේම ජංකුක් දෙන්නා යුංගි එක්ක කතා කරලා ජින් ඉන්න පැත්තට ගියේ ජින්ට විශ් කරන්න.
නම්ජුන්ගෙ අතේ තිබුන ගිෆ්ට් එකත් පුංචි වෙව්ලීමට මේ වෙලාවෙ මූණ පාලා තිබ්බා. ඔව් ඒ ජින්ගෙ ලස්සනට වගේම. අද එයා ජින්ට කියන්න යන දේ ජින් මොන විදිහට බාර ගනීද කියන සැකෙත් එක්ක.
______________
සමාවෙන්න ළමයි අද දෙන්න හිතුවෙ නැ.... වැඩ ගොඩක් වැඩී..... අනේ මං ට්‍රයි කරනවා හොදේ The_Dark_Lotus ඔන්න දුන්නා. ඔයාටමයි මේක ❤️❤️❤️ ඉක්මන්ට දෙන්න බලන්නම් 😚❤️❤️❤️❤️