12 ♡

1.4K 238 18
                                    

____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________

" එයාව විශ්වාස කරනවද .. interesting ..  very interesting  .."

ටේහ්යුන්ග් පිස්සෙක් වගේ හිනාවෙන්න අරගෙන ඊලග තත්පරේම ඒ හිනාවත් එක්කම නපුරු කම පුලුවන් උපරිමයට මූණට නගා ගත්ත ටේහ්යුන්ග් එයාගෙ ෆෝන් එක අතට අරගෙන නම්බර් එකක් ඩයල් කරන්න ගත්තා ..

නම්බර් එක ඩයල් කරලා කෝල් එකක් අරගෙන ෆෝන් එක කනේ තියා ගත්ත ටේහ්යුන්ග් ජන්කුක් දිහාම බලාගෙන හිටියෙ රත් පැහැ දෑස් ඇතිව ..

ටේහ්යුන්ග් ඇමතුම ගත්තෙ වෙන කාටවත් නෙමෙයි යුන්ගිට .. ටේහ්යුන්ග් කෝල් එක අරගෙන යුන්ගි ආන්සර් කරනකන් බලාගෙන හිටියා .. තත්පර කිහිපයක් ගත වෙද්දි යුන්ගි කෝල් එක ආන්සර් කරා ..

යුන්ගි කෝල් එක ආන්සර් කරනවත් එක්කම ටේහ්යුන්ග් ෆෝන් එක කන ලගින් ඈත් කරලා Jungkook ගෙ ඉස්සරහට අරගෙන ස්පීකර් ඔන් කරන්න ගත්තා ..

" Hello ටේහ් ...."

යුන්ගි කතා කරන්න පටන් ගත්තත් ටේහ්යුන්ග් මැදින් පැනලා කතා කරපු නිසා යුන්ගි තමන්වම නවත්ත ගත්තා ..

" මිස්ටර් මින් ඔයාගෙ ලස්සන මනාලිය විශ්වාස කරන්න කැමති නෑනෙ ඔයා එයාව මට සල්ලි වලට විකුණුවා කියලා .. ඒ නිසා ඔයාම කියන්නකො ඔයාගෙ ලස්සන මනාලියට අද ඉදන් එයාව අයිති මේ මට කියලා .."

ටේහ්යුන්ග් යුන්ගිට කිව්වා උනත් ටේහ්යුන්ග් ගෙ ගැඹුරු රත් පැහැ ඇස් යොමු වෙලා තිබුණෙ මේ හැමදේම අහගෙන රහසින් ඉකි බිදින ජන්කුක් ලගයි .. ටේහ්යුන්ග් ගෙ හඩේ ගැබ් වෙලා තිබුනෙ උපහාසය විතරමයි .. ජන්කුක් ඒ වගේ වෙද්දි අනෙක් පැත්තෙන් යුන්ගි බොහොම පහත් හඩකින් ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now