16 ♡

1.5K 233 17
                                    

____________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________________________________

යුන්ගි ජන්කුක්ව ටේහ්යුන්ග්ගේ Penthouse එකේ තනි කරලා එතින් එලියට එද්දි ඔහුගෙ සහයකයා වෙච්ච Mr. Lee ඒ වෙද්දිත් යුන්ගි පිටතට එනකන් බලාගෙන හිටියා .. යුන්ගි හිටියෙ ගොඩක් කඩන් වැටිලා .. යුන්ගි මොකුත්ම නොකියා Mr. Lee ලගට ඇවිදගෙන ගියා .. ඊට පස්සෙ  ඒ දෙන්නම එතනට වෙලා බලාගෙන හිටියෙ ටේහ්යුන්ග් කලින් කිව්ව විදියට ටේහ්යුන්ග් ගෙ මිනිහෙක් එයාලව හොයාගෙන එනකන් ..

ටික වෙලාවක් ගෙවිලා යද්දි ටේහ්යුන්ග් කිව්ව විදියටම මනුස්සයෙක් යුන්ගිලා හිටපු තැනට ආවා .. ඒ ආපු කෙනා Mr. Lee අතට ෆයිල්ස් වගයක් එක්ක ටේහ්යුන්ග් කිව්ව වගේම සල්ලි බෑගයක් ලබා දුන්නා .. Mr. Lee ඒ බෑග් එකත් එක්ක ෆයිල්ස් ටිකත් අරගත්තත් යුන්ගි ඒ දේවල් එකක්වත් දිහා බැලුවෙවත් නෑ .. Mr. Lee ඔහු අතේ තිබුන ෆයිල්ස් ඔක්කොම හොඳට චෙක් කරලා බැලුවා ..

" ස් .. සර් ඔක්කොම ෆයිල්ස් ටික නම් හරි ඒත් අපි ලෝයර් ලගට ගිහින් වෙන්දේසි වෙන වැඩේ නවත්තන්න ඕන .."

Mr. Lee කිව්වත් යුන්ගි ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ .. හුස්මක් පහතට හෙලපු මිස්ටර් ලී යුන්ගිත් එක්කම එතනින් යන්නට හැරුනෙ ලෝයර් ලගට යන්න .. අඩි කීපයක් ඉස්සරහට තිබ්බ යුන්ගි ආයෙමත් නැවතිලා ඔහුට පිටුපසින් දිස්වෙන ඒ විශාල Penthouse එක දිහා එක පාරක් බලලා ආයෙමත් ඉස්සරහට ඇවිදගෙන ගියෙ ඔහුගෙ ඇස් අගට එක් වුන ඒ කඳුලු බිංදු , කම්මුල් තෙමන්නටත් කලියෙන් පිහිදා ගන්නටත් කටයුතු කරමින් ..

මිස්ටර් ලීත් එක්ක වාහනය නවතා තිබූ ස්ථානයට ලගා වුන යුන්ගි එතනින් යන්න ගියෙ අහිංසක ජන්කුක්ව අර විශාල Penthouse එකේ තනිකරලා ..

SOLD BRIDE || Completed ✅️Where stories live. Discover now