නම්ජුන් ජින් දිහාවට ඇවිදගෙන යන ගමන් හිටියෙ ජංකුක් එක්ක ජින්ට විශ් කරන්න. නම්ජුන් ජංකුක් දෙන්නා ජින් ලගට යද්දිත් ජින් හිටියෙ එයාගෙ මමා එක්ක ලොකු කතාවක.
" ජින්.... "
හුරු පුරුදු ගැඹුරු කටහඩට ජින් පිටිපස්ස බලද්දි නම්ජුන් හිටියෙ ලොකු ගිෆ්ට් එකක් අතේ තියාගෙන. ඒ ලගම ජංකුක්ත් හිනා වීගෙන ජින් දිහා බලන් හිටියා.
" ජූන්.... "
" හැපි බර්ත්දේ ජිනී....."
ජින් නම්ජුන්ගෙ ලගට ආවහම නම්ජුන් එයාගෙ අතේ තිබුන ගිෆ්ට් එක ජින්ගෙ අතේ තියලා ජින්ගෙ ඉනෙන් අත දාලා ජින්ව හග් කරන ගමන් විශ් කළා.
" තැංක්‍යූ ජූන්.... "
" ඔයා අද ගොඩක් ලස්සනයි ජිනී... "
" ඔයත්... අද ගොඩක් හොට් ජූන්... "
ජින් බිම බලාගෙන මුමුණද්දි නම්ජුන්ගෙ මූණ රතු වුණා. මේ නාඩගම ඉක්මන්ට ඉවරයක් නොවෙන බව දැක්ක ජංකුක් මැදින් ඇඩ් එකක් දාන්න තීරණය කළා.
" අහ්ම්.... අහ්ම්....
හියුං..... මාත් මෙතන.... ඉන්නෙ.... "ලස්සන කුරුලු ජෝඩුවට හිතක් පපුවක් නැති ගානට බාදා කරපු ජංකුක් එයා අමාරුවෙන් උස්සං හිටිය ගිෆ්ට් එක ජින්ගෙ අතින් තියලා විශ් කළේ අතට අත දෙන ගමන්. කොල්ලා ජින්ව හග් කළේ නැත්තේ නම්ජුන් අමුතු බැල්මක් දාලා ' තෝ ජින්ව නං හග් කරන්න එපා ' වගේ බැල්මක් දාපු නිසා.
ජංකුක් ජින්ගෙන් ඈත් වෙලා යුංගි ඉන්න දිහාවට යද්දි නම්ජුන් ජින් එක්ක එතන හිටියෙ පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන.
___________
හවස හත විතර වෙද්දි මුළු කිම් මැන්ශන් එකම ගොඩක් මිනිස්සුන්ගෙන් පිරෙන්න ගත්තෙ ජින් කේක් කපන වෙලාවත් ටික ටික ලං කරන ගමන්.
මේ කවුරු කොහොම හිටියත් ජංකුක්ගෙ හිතුවක්කාර ඇස් හැමවෙලේම හෙව්වෙ එක රූපයක් විතරයි.ඒත් ඒ රූපෙ ජංකුක්ගෙ ඇස්වලට අහු නොවුන තරම්.
ජංකුක් හෙව්වෙ තේහියොංව. ඒත් පාටි හෝල් එකේ කිසි ම තැනක ටේගෙ හෙවනැල්ලක්වත් ජංකුක්ගෙ ඇස්වලට නං අහු වුනේ නැ.