"දහම්...දහම්...දහම්"
"මොකෝ මේ මගේ නම පාඩම් කරන්නෙ ?"
"බඩගිනියි හලෝ..."
"ඇයි කෑවෙ නැද්ද අද?"
"කොහේ කන්න ද ඉතින් ඉස්කෝලෙ ඉවර වුණ ගමන් ක්ලාස් එකට දුවන් ආවා මිසක්"
"එහෙනම් කන්න මොනවා හරි අරන් දෙන්න ද?"
"එපා බස් එකට පරක්කු වෙයි ගෙදර ගිහිල්ලම කනවා"
කෙමෙස්ට්රි පන්තිය ඉවර වෙලා අපි දෙන්නා හෙමින් හෙමින් ඇවිදගෙන ආවෙ බස් හෝල්ට් එකට.
දහම් කියන්නෙ මගේ පෙර පාසල් කාලෙ ඉඳලා හොඳම යාලුවෙක්.අපි ගැන නොදන්න අය නම් හිතන්නෙ අපි කපල් එකක් කියලා.ඒ මොකද කිව්වොත් දහම් කොහෙද මම එතන.
"ඒයි මැට්ටි තමුසෙ කන්න ගේන්නෙ නැත්නම් මට හරි කියනවා මම මොනා හරි ගේන්නම්"
මම ඔලුව වනලා පාර දිහා බැලුවෙ බස් එකක් නැද්ද කියලා.බස් එකක් නම් පේන මානෙක නෑ.
"ඒයි මොකෝ මේ මම දැක්කෙ දැන් නෙ තෙල් ගාලා නෙමෙයි නාලා"
දහම් හිනාවෙන එක නතර කළේ රවාගෙන ඉන්න මාව දැකලා.
"අර පොඩි එකෙක් මාව නෑව්වා.ආ...අන්න බස් එක එනවා දහම්"
බස් එක නතර කරලත් මේ මනුස්සයා උඩ බලාගෙන ඉන්නවා.
"ඒයි නගින්නෙ නැද්ද ?"
"මට බෑ ඔයාව දාලා යන්න තනියම ඔයා යන බස් එක ආවට පස්සෙ ඊළග එකේ මම යන්නම්"
"මම පොඩි බබෙක් නෙමෙයි නෙ"
"හරි හරි ඉතින් "
ටික වෙලාවකින් අපි ඉස්සරහ නතර වුණේ පොල් පටවලා වගේ සෙනඟ පිරුණු ප්රයිවට් බස් එක.මම අඩිය තිබ්බෙ බස් එකට නගින්න.ඒත් දහම් මාව ඇදලා ගත්තා.
"ඒයි පිස්සුද ආ ඕකෙ ගිහින් හුස්ම ගන්න බැරුව මැරෙයි."
"අනේ ආයි පැය භාගෙකට බස් එකක් නෑ යන්න දෙනවකො"
"ඔය නංගි නගින්නෙ නැද්ද ?"කොන්දොස්තර අයියාගෙ කෑ ගැහිල්ලට දහම් මාව අත ඇරියා.
"එහෙනම් කොල්ලො අපි ගියා"
දහම් තව එක වචනයක්වත් කියන්න කළින් මම බස් එකේ හිටපු මිනිස්සු අස්සෙන් බස් එක ඇතුළට රිංග ගත්තා.
"පුදුම දාඩියක්නෙ අප්පා තියෙන්නෙ"
කොන්දොස්තර අයියාගෙ තල්ලුවට ඇගිල්ලෙ කොනකින් ශීට් එක අල්ලන් හිටපු මාව වැටුනෙ වාඩිවෙලා හිටපු කොල්ලෙක්ගෙ උකුලට.
තුම් පාස ආයේ කියාගෙන මම ඇස් දෙකත් පියාගත්තා .
'හනේ ඇස් ඇරලා බලන්න ඕනෙ ලැජ්ජාවෙන්ද සෙක්සි විදියටද නැත්නම් සොරි කියලා මූණ බලන්නැතුව නැගිටින්න ඕනෙද ?අනේ මල විකාර ඔන්න ඔහේ කකුල් දෙකත් රිදෙන එකේ විනාඩි පහක් වාඩි වෙලා ඉමු කියලා හිතද්දිම කවුරු හරි මගේ අත කෙනෙත්තුවා.
"ආව්...."අන්න ඒ වෙලාවෙ තමයි ලස්සනට කිසි ගාණක් නැතුව මම වාඩි වෙලා ඉන්නෙ කාගෙ උකුලෙද කියලා බැලුවෙ.
"තමුසෙට පිස්සුද ඕයි මිනිස්සු බලන් ඉන්නවා?"
ඔව් ඉතින් වෙන කවුරුත් නෙමේ ඒ හිටියෙ අභිරූ...
"හෙ හේ මගේ කකුල් රිදෙනවා නම්ගි බබෝ මේම ඉන්නම් විනාඩි පහයි "
අභී මගේ මූණටම ළංවෙලා ගැඹුරු හඬින් කතා කරා.
"ම්ම්ම්...ඔයා මෙහෙම ඉන්න ආසද ගොඩක් ආසයි වගේ නේද ?"
මම කරන්ට් එක වැදුනා වගේ නැගිටලා මිනිස්සු අස්සෙන් රිංගලා ඉස්සරහටම ආවෙ අර අසහනකාර අභිරූග හෙවණැල්ලක්වත් වැටෙන්නෙ නැති වෙන්න.
"අසහනකාරයා ගල් ඉත්තෑවා බොම්බයිමොටයිකාරයා .මොකටද ඒ වානරයා කොල්ලෙක් වගේ ඉන්නෙ මාස්ක් එකකුත් දාගෙන ...ගල් බූතයා වස ලැජ්ජාව මටමයි වෙන්නෙ"
..................................................................................
බස් එකේ හිටගෙන යද්දි අත් දෙකෙන්ම කොහේ අල්ලන් හිටියත් දෙපැත්තට වැනෙන මන් වගේ අය සිටීද?😪
Byee❤️lysm❤️
YOU ARE READING
දේදුණු හීන
Historia Cortaමගෙ ඇස් හැමදාම හෙව්වේ නුඹයි...මේ ඇස් පියවෙනා තුරා ආදරෙයි... මේ අහස්යාගෙයි අභිරූගෙයි ආදරය...💞