"බොවීන් අයියා...."
"ශෙනූ..ඔයා කොහෙද මෙහේ?"
අයියා ඒ කෙල්ල එක්ක කතා කරද්දී මාත් ඒ පැත්තට ගියා.
"මං මෙහේ ඇවිත් දැන් ගොඩක් දවස්.අද ලංකාවට යනවා.. අංකල් තමා කිව්වේ ඔයාත් මෙහේ ඉන්නවා කියලා.ඉතින් බලලා යන්න ආවා."
කව්ද ඒ කෙල්ල..? අයියගෙ යාලුවෙක්ද නැත්තම් වෙන කවුරුහරිද ? ඇයි එයා අයියගේ ඇඟේ එල්ලිලා ඉන්නේ? අංකල් කිව්වේ අයියගේ ඩැඩී වෙන්න ඇති.
"ආ එහෙමද ? කාලෙකින් දැක්කේ.. කෝ මමී එහෙම"
"මමී මං එනකම් කාර් එකේ බලන් ඉන්නවා..එතකොට මේ කව්ද?"
"ආ...මේ ඉන්නේ සීනිත් ...අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක්. මගේ මල්ලි වගේ තමයි ඉතින්. චූටි මේ ඉන්නේ ශෙනූ. ෆැමිලි ෆ්‍රෙන්ඩ් කෙනෙක්.අපේ ඩැඩියි මෙයාගේ ඩැඩියි බිස්නස් කරන්නේ එකට."
"හායි සීනිත්.. Nice to meet you"
ඒ කෙල්ල අයියගේ අතින් අයින් වෙලා මගෙ පැත්තට අත දික් කලා.
"Nice to meet you too ශෙනූ"
ඒ කෙල්ල මාත් එක්ක hand shake කලා. පේන විදිහට අයියා ඒ කෙල්ල එක්ක ගොඩක් හිතවත් වගේ. එයා අයියටත් සමුදීලා යන්න ගියා. ඒත් එයා අයියගේ අතේ එල්ලිලා හිටපු විදිහට මට මොකද්ද උනා.. මං ඒකට ආස නෑ..
"චූටි මොකද මූණ සවුත්තු වෙලා?"
"මොකුත් නෑ අයියේ..."
"ම්ම්ම්ම් එහෙනම් කමක් නෑ."
අයියා මගේ කරට අතක් දාගෙන ඇවිද්දා.
.
.
.
.
.
.
.(වසර තුනකට පසු)
උදේ පාන්දර මගේ සුවබර නින්ද කඩලා දැම්මේ එලාම් එක වෙනකොට මම ස්කෝලේ යන්න ලෑස්ති උනා. යුනිෆෝම් එක ඇඳගෙන බෑග් එක ලෑස්ති කරද්දී මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.
💌 - ස්කූල් ඇරුනම මං ඔයාව ගන්න එනවා. ඒ හින්දා ඩ්‍රයිවර්ට එන්න එපා කියනවා.
ඒක මට ගොඩාක් සතුටු හිතෙන මැසේජ් එකක් වෙද්දී ඒක එවලා තිබුනේ අයියා.
💌-හා අයියේ...
මේ අවුරුදු තුනට ගොඩක් දේවල් වෙනස් වෙලා තිබුනා.
YOU ARE READING
BE MINE🖤 (Completed)
Fanfictionමිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි....❤️💚