🐱 Chapter 57 🐱

1.2K 294 42
                                    

Xiao Zhan's P.O.V


ඊයේ රෑ නිකන් හීනයක් වගේ.. අපි හැබෑ කරගන්න කැමති වුනත් ජිවිතේට හැබෑ වෙන්නේ නැහැ කියලා හිතන් හිටපු හීන තියෙන්නෙ ඒ වගේ..වෙලාවකට හිතෙනවා ඒ දේ ඇත්තටම වුනේ නැද්ද ඉස්සර බෝඩිමේ වහල දිහා ඇස් ඇරන් බලපු ජාතියේ හිනයක්ද කියලා... ඒත් ඉනෙන් පහල දැනෙන වේදනාව ඒක ඇත්තක්මයි කියලා මට ආයෙ ආයෙත් මතක් කරල දුන්න..

හිතින් වගේම ගතිනුත් ඊයේ රෑ මම එයාගෙම වුනා.. එදා හොටෙල් එකේදි  gay නෙමෙයි කියලා අතහැරලා දාලා යන්න ගියපු එයා ඊයේ රෑ මගේ ඇගෙන් බස්සගන්න බැරි වුනා..ඇත්තම කිව්වොත් මටත් එයාව නතර කරන්න ඕන වුනේ නැහැ...ඒකමයි පලවෙනි වතාව හින්දා මට අමාරුවෙයි කියලා එයා නවත්තන්න හදනකොටත් මම එයාට නවත්තන්න නොදුන්නේ..

ආදරයක් ආපිට හිමි නොවෙනවා කියලා දැනගෙන , එයා වෙන කෙනෙක්ට අයිති වස්තුවක් කියලා දැනගෙන , මං වෙනුවෙන් වෙන කෙනෙක් බලාගෙන ඉන්නව කියලා දැනගෙනත් මම හැසිරුන විදිහ ගැන මතක් වෙලා අන්තිමට මට ඇඩුනා.. කාගෙන් පැනලා ගියත් හෘද සාක්ෂියෙන් පැනලා යන්න බැහැ කියනවනෙ..කොච්චර හැල හැප්පීම් මැදීන් මගේ ජිවීතේ ගලන් ගියත් මම මේ වෙනකන් කරපු හැමදේම කලේ හිතට එකගව.. කාටවත් බොරුවක් කරලා නැහැ.. ඒත් ඊයේ රෑ මගේ උසාවියේ මමම වැරදි කරායා වුනා..

ඒත් ඇයි අපි දෙන්නා අතර වුන හැමදේම හරි කියලා මට දැනුනේ.. ඒක තමයි වෙන්න ඕනේ කියලා දැනුනේ..

ජුන් හිතුවේ මම ඇඩුවේ අමාරුවට කියලා...අඩන මාව තුරුලු කරන් මගේ පිට කොන්ද එයා අත ගෑවේ මගේ නලලට මුහුනට හාදු ගොඩක් තියන්..මාව හේදුවෙත් එයාමයි.. අත් දෙකෙන්ම වඩාගෙන වොශ් රූම් එකට එක්කගෙන ගිහිම් මගේ අගලක් අගලක් ගානේ පරිස්සමෙන් පිරිසිදු කලේ එයා මගේ ලගම ඉන්නවා කියන ගමන්.. හරි ආදරණීයම ආදරවන්තයෙක් වගේ..මම බලපු ඩ්‍රාමා වල ඉන්න අලුත බැදපු සැමියෙක් එයාගේ බිරිඳට සලකන්නේ කොයි විදිහටද එයා ඊයේ රෑ හැසිරුනෙත් එහෙමමයි..

මම ඒ කාලේ පුරාවටම කලේ එයාගේ පපුව බදන් තව ටිකක් අඩපු එක..

මන්දන්නෑ මේ මනුස්සයා මට මොනා කරලද කියලා..මට මම ශක්තිමත් කියලා වැඩියෙන්ම පෙන්න ඕන මේ මිනිහට වුනත් මම ගොඩක්ම දුර්වල වෙන්නේ එයා ගාවමයි..කදුලු ගල් කරන් ජීවත් වුන මම කලේම මේ මිනිහා ඉස්සරහ වැවක් වාන් දාන ගානට අඩපු එක.. අනිත් එවුන්ගෙන් කොච්චර හිත රිදුනත් කදුලු හරි ලස්සනට පාලනය කරගන්න පුලුවන් මට එයා ලග ඉවසගන්න බැරි වෙනවා.. අනිත් හැමෝටම වඩා එයාගේ වචන මගේ හිතට බරයි..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now