Chapter 13💟

729 160 45
                                    

රෑ මැද්දේ තද නින්දක හිටපු මම ඇහැරුනේ හරිම අපහසුතාවකින් වෙනකොට සේලයින් බෝතල් එල්ලගෙන බාත්රූම් යන්න බැරි නිසා මම අයියට කතා කලා.

"අයියේ...."

"ඕ චූටි මොනවහරි ඕනිද ඔයාට?"

එයා මගෙන් මොනාහරි ඕනිද ඇහුවම මම මගෙ අතේ සුලැඟිල්ල දික් කලා වෙනකොට එයා ඒක තේරුම් ගත්තා.

"යමු එන්න.."

මං ඇඳෙන් බහිනකොට අයියා සේලයින් බෝතලේ අතට ගත්තා.අයියගෙන් උදව් ගන්න සිද්ධ වෙච්ච එකට මං හිටියෙ මං ගැනම තරහකින් .  අයියා බාත්රූම්  එකේ දොර ඇරියම අපි දෙන්නම් ඒක ඇතුලට ගියා. හනේ දැන් එයා ඉස්සරහ මං චූ දාන්න ඕනිද ? මට නම් බෑ දෙයියනේ මොන ලැජ්ජාවක්ද මේ... මං එහෙම හිත හිත මූණ ඇඹුල් කරගෙන අයියා දිහා බැලුවම එයා මගේ මූණෙන් කියන දේවල් තේරුනා වගේ එහෙම්ම අනිත් පැත්ත හැරුනා.

"මං බලන් නෑ බය වෙන්න එපා"

"ම්ම්ම්ම්"

.
.
.
උදේම අයියායි මායි ගෙදර යන්න කාර් එකට නැග්ගා.

ඊයේ එනකොට හිටපු දෙන්නා අද  අපි එක්ක හිටියේ නැති හින්දා අයියයි මායි හිටියේ තනියම.

"චූටි අනේ ඊයේ වගේ වෙන්නේ නැතුව පරිස්සමෙන් වැඩ කරන්න ,මොකද මට හැම වෙලේම ඔයාගේ පිටිපස්සෙන් ඉඳන් ඔයාව  පරිස්සම් කරන්න බෑනේ"

"මොකක් කිව්වා? කොහෙවත් ඉන්න මාව ඇයි ඔයා පරිස්සම් කරන්න හදන්නේ ?"

"මොකද ඔයා මට ගොඩක් වටින කෙනෙක් හින්දා"

"වටින හින්දා වෙන්න ඇති අවුරුදු ගානක් මගෙ හැඟීම් එක්ක අර විදිහට සෙල්ලම් කලේ "

"ඒක එහෙම නෙවේ.....මට...මං...ඒ..."

"අනේ මේ නවත්තගන්න..මට මොකුත් අහන්න ඕනි නෑ.. මට මොකුත්ම අහන්න ඕනි නෑ."

"චූටි ටිකක් මං කියන දේ අහන්නකෝ ....."

අයියා මට එයා කියන දේ අහන්න කියද්දී මං අහ් දෙකෙන් මගෙ කන් දෙක තද කරලා  වහගගෙන ශට' එකට හේත්තු වෙලා එලිය බලාගෙන හිටියා. මාව වටිනවලු හහ්...

Bowin's POV

මං කොහොමද එයාට පැහැදිලි කරන්නේ අඩුම එයා මං කියන දේ වත්  අහන්න ලෑස්ති නෑ.. එක අතකට මං මොනාවා කියලා පැහැදිලි කරන්නද මුල ඉඳලම මෙතන මමයි වැරදිකාරයා. දැන් මොනා කිව්වත්  එයා මාව පිලිගන්න ලෑස්ති නෑ.
මොන දේ උනත් චූටි මං ඔයාව වෙන කාටවත් අයිති වෙන්න දෙන්නේ නෑ...මම මටම පොරොන්දු උනා.

BE MINE🖤 (Completed)Where stories live. Discover now