Xiao Zhan's P.O.V
සිංහයෙක් දීර්ඝ ගමනක් ඇවිද ගිහින් ආපහු හැරිලා බලනවලු එයා ආපු ගමන් මග දිහා..ඒකට තමයි සිංහාවලෝකනය කියන්නේ.. මිනිස්සුත් තමන්ගේ ජිවිතේ විවිධ අවදි පහු කරගෙන ඇවිත් අර සිංහයා වගේම තමන් මෙච්චර කල් ගත කරපු ජිවිතය දිහා හැරිලා බලනවා.. සතුටින් හිනා වුන තැන් වගේම අඩියටම වැටිලා දරාගන්නම බැරි තැනුත් කොහොම හරි පහු කරන් ආපු එක ගැන පස්සේ කාලේක මිනිස්සු සතුටු වෙනවා..
ඒත් මම.. මම ආපහු හැරිලා බැලුවම මොනවද මගේ ජිවිතේ තියෙන්නේ..?
නින්දා අපහස , ප්‍රතික්ෂේප වීම් , කොටින්ම කිව්වොත් මගේ ජිවිතේම දුකක්.. එකත් කමක් නැහැ.. මම දැනගෙන හිටිය දුක මට උරුමයි කියන එක.. ඒත් දැන් මගේ ජිවිතේම තනිකරම බොරුවක් වෙලා.. මම ආදරේ කරන්න පටන් ගත්තේ කාටද , නැවතුනේ කවුරු ලගද , හිතේ මාවගත්තේ කවුද ඔක්කොම බොරුවක්.. මම ඇඩුවේ කවුරු වෙනුවෙන්ද , මම මිනිස්සුන්ගෙන් කතා ඇහුවේ කවුරුන්ගෙන්ද , කොටින්ම මම මොනවද දෙවියනේ හිතාගෙන හිටියේ...
මට හිතාගන්න බැහැ.. මොනවද ඇත්ත මොකක්ද බොරුව කියලා මට හිතාගන්න බැහැ.. මේ ඇවිදගෙන යන්නේ නන්‍යැන් මාලිගාවේ නෙමෙයි මේකට තමයි පාර්ලිමේන්තු කියන්නේ කියලා කෙනෙක් ඇවිත් මට කියයිද..? උබේ නම ෂියාඕ ජාන් නෙමෙයි උබේ නම වෙන මොකක් හරි කියලා කියයිද..? උබ ඔය ජිවත් වෙලා ඉන්නවා කියලා හිතුවට උබ මැරිච්ච තැන් වල ගසුත් පැලවිලා කියලා එකෙක් ඇවිත් කියයිද..වගේ හිතේ හොල්මන් කරන ප්‍රශ්න ගොඩයි.. හුස්ම ගන්නවා කියන එක පවා මට විශ්වාස නැතුවා.. කොටින්ම මොකක්ද මම විශ්වාස කරන්න ඕනේ මොකක්ද නැත්ත කියලා නොදන්නකොට මගේ ඔලුව පුපුරන්න තරම් වේදනා දුන්නා..
එයා මාව සන්ෆලවර් හවුස් එකේ දාලා යන්න ගියාට මම ආපහු මාලිගාවට එනකොට රෑ වෙලා තිබ්බා.. එයාගෙන් ගුටිකාලම මුහුනේ පැත්තක් ඉදිමිලා තොලත් පැලිලා කියලා මටම තේරුනත් ඉස්සරහට එන එකෙක් නෙමෙයි මගෙන් ඇහුවේ මොකද වුනේ කියලවත්.. උන් කලේ මුහුන බලලා හිනා වුන එක.. නැත්තම් හොරෙන් කුටු කුටු ගහපු එක..
එක අතකට මං ගැන බලන්න කවුද මේ මාලිගාවේ ඉන්නේ..
'මාලිගාවේ තියා ලොකේවත් නැහැ නේ.. '
YOU ARE READING
Black Cat ( YIZHAN FF ) ✔️✔️
FanfictionDear Bad Luck , Let's Break Up....😌 ********************************************** මෙය හුදෙක්ම මම ලියන මනස්ගාතයක් පමණක් වන අතර මෙහි ඇතුලත් චරිත වල සැබෑ ජිවිතේ හා කිසිදු සම්බන්ධතාවක් නැත... ❤️💚