අලුත් දවසකට ඉර පායද්දී මං බලන් හිටියේ චූටිගෙ මැසේජ් එකක් එනකම් .මොකද ඊයේ කුවිනාත් එයාට ෆෝන් එකක් ගිහින් දීලා තිබුනා.
පුන පුනා බලන් හිටපු මැසේජ් එක එනකොට මට ඇඟේ අමාරුකම් සේරම අමතක වෙලා ගියා.💌මොකටද මට ෆෝන් එකක් එව්වේ?
💌කතා කරන්නනේ චූටි .වෙන මොකටද ඉතින්
💌ඔයා හොඳින් නේද අයියෙ
💌 ඔව් මැණික මං හොඳින්.අයියට හදිසියෙම රට යන්න වෙලානේ.. කොච්චර කාලෙකටද කියන්න දන් නෑ. හැබැයි යන්න කලින් මට ඔයාගෙ උත්තරේ දැනගන්න ඕනි.මොකද ඔයාගෙ උත්තරේ අනුව ගොඩක් දේවල් වෙනස් වෙයි.
💌කවද්ද යන්නේ?
💌ලඟදිම .....හැබැයි මං ඊට කලින් එනවා ඔයාව හම්බවෙන්න.
💌හ්ම්.
💌පරිස්සමින් ඉන්න.
💌ඔයත්....
අපේ චැට් එක එතනින් ඉවර වෙද්දී කුවිනාත් මට තේ එකකුත් අරන් කාමරේට ආවා.
"බේබි මේක බීලා ඉන්න."
කුවිනාත් තේ එක මගේ ඇඳට එහා පැත්තෙ තියෙන ටේබල් එක උඩින් තියලා ආපහු යන්න හැරෙද්දී මං එයාව නැවැත්තුවා.
"කුවිනාත්"
" කියන්න බේබි.."
"මං අපෙ තාත්තගෙම පුතාද ?"
මං දන් නෑ ඇයි කියන්න කුවිනාත්ගේ ඇස් වෙනස් උනා.ඒ ඇස් දැක්කම මට හිතුනෙම එයා මොනවමහරි දන්නවා ඇති කියලා.
"මො...මොනවද බේබි මේ අ..අහන්නේ ... බෙ..බේබි වැරදි වැටහීමක ඉන්නේ"
කුවිනාත් ගොත ගගහා උත්තර දීපු විදිහ මට එයා මොනවහරි දන්නවා කියන සැකේ ස්ථිර කලා වෙනකොට කුවිනාත් මගේ ඇස් මගෑරියා.
"හ්ම් හ්ම් දැන් ඔයා යන්න කුවිනාත්.ආහ් මේ මාව රට යවන්න හිතන් ඉන්න දවස පොඩ්ඩක් ඩැඩීට හොරෙන් හොයලා මට කියන්න"
"හරි බේබි"
එයාට ඕනි උනේ මාව මගාරින්න.මං කතා කරලා ඉවර උන ගමන් කුවිනාත්කාරයා ගියේ පස්ස්ට ජෙට් එකක් හයි කරලා වගේ.මං වෙන මොකුත් අහයි කියලා වෙන්න ඇති.
YOU ARE READING
BE MINE🖤 (Completed)
Fanficමිනිස්සු ආදරේ කරන බව පෙන්නනවා. ඒත් මුළු ජීවිත කාලෙම ප්‍රේම කරන්නේ එකම එක වතාවක් විතරයි....❤️💚