END

10.8K 740 220
                                    


" අප්පච්චි මේ අහන්න...මට දැන්මම කාවවත් ඕනි නෑ..."

" ඔයා තාම අර මිනිහා ගැන හිතනවද..?"

" මං මොකටද ඌ ගැන හිතන්නේ...?"

යීබෝ උන්නේ සාලයේ වාඩි වී පොතක් කියවමිනි.නමුත් ඔහුගේ කන් දෙක වූවේ අප්පච්චිගේ හා දියණියගේ ගැටුමේය.

" අම්මී...චිප්ස් ඕනිද..?මේ lays..." රෙයාන් ඇවිත් යීබෝට lays පැකට්ටුවක් දිගු කලේ ඔහු අසලින් වාඩි වෙමිනි.

" මරු...අවස්ථානුකූලයි..." පොත පසෙකින් තිබූ යීබෝ මදක් එහාට වන්නට වූ සෝෆාවේ වාඩි වී රණ්ඩු කරන ජාන්ගේ හා යූගේ බහින් බස් වීම දෙස බැලුවේය.

" මේ අහනවා යූ...තමුසෙට දැන් වෙන කවුරු හරි ඉන්නවද..?අර තමුසෙගේ හොඳම යාළුවාද මොකාද කියන එකා..."

" පිස්සුද අප්පච්චි ඔයාට...එයා මගේ හොඳම යාළුවා විතරයි..."

" ආහ්...අනවශ්‍ය තොරතුරක්..මේකි අවශ්‍ය තොරතුරක් කියන්නෙම නෑනේ අම්මී..මටත් මොකෙක්වත් මිනිහෙක් ගැන follow කරන්න බැරි උනා ළඟදි.." චිප්ස් අහුරක් කටේ දා ගත් රෙයාන් කීවේය.

" ඇත්තටම ඔය හොඳම යාළුවා කියන එකා මොකාද රෙයාන්..."

" ඌ වැඩකට ඇති එකෙක් නෙවෙයි..ඌ ගැන නම් හෙව්වාටත් පාඩුයි.."

" අම්මී..."ඩ්‍රැකී සුපුරුදු පරිදි ගෙට ගොඩ වූයේම යීබෝගේ නළලට හාදුවක් දෙමිනි.

" අහ්..ඩ්‍රැකී..එන්න..පරණ ෆිල්ම් එකක් තිර ගත වෙනවා බලන්න.." යීබෝ කීවේ ඩ්‍රේක්ගේ කටට චිප්ස් පෙත්තක් ඔබා මදක් එහාට වී ඔහුට ඉද ගැනීමට ඉඩ දෙමිනි.

" ආයේ වලිද..?"

" ම්ම්ම්...පරණ තැටියම තමා ප්ලේ වෙන්නේ.." රෙයාන් කීවේ කටත් බෙරි කරගෙනය.

" මේ අහනවා යූ...මං උඹට ආයේ කියන්නේ නෑ.."

" මට දැන්ම බදින්න බෑ අප්පච්චි...ඒක තමා අන්තිම තීරණේ..."

" මෙතන අන්තිම තීරණේ ගන්නේ මම..අනික මං උඹට බදින්න කියන්නේ නෑ...පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න කියලනේ කියන්නේ..."

" මට බෑ..."

"හා බෑනේ..උඹට මේ අප්පච්චි කියන දේ අහන්න බෑනේ නේ..හෙට ඉදන් උඹේ හැම කාඩ් එකක්ම කැන්සල්..බස් එකේ එනවා යනවා මං හොයන්නේ නෑ..."

නුඹට පමණයි (Zhanyi)(21+)Donde viven las historias. Descúbrelo ahora