__________________________________________________________
ජන්කුක් ලගට ලං වුන ටේහ්යුන්ග් ජන්කුක් ගෙ තද රෝස පැහැ ඉදිමුණු තොල් උඩ තමන්ගෙ මාපටැඟිල්ල අරගෙන යන ගමන් ..
" Perfect .."
කියලා කිව්වා .. ජන්කුක් ගෙ ඇස්වල වේදනාව පිරිලා තිබුනා .. ටේහ්යුන්ග් ගෙ ඇස් ජන්කුක් ගෙ දිහා බලාගෙන හිටියෙ මත් වෙලා වගේ .. වගේ නෙමෙයි ඇත්තටම ටේහ්යුන්ග් ජන්කුක්ට මත් වෙලා .. ජන්කුක් තවමත් ටේහ්යුන්ග් ඉස්සරහ දුර්වල කෙනෙක් .. ටේහ්යුන්ග් ගෙ පුංචි හාදුවකටත් ජන්කුක් දුර්වල වෙනවා ..
මම හිතුවා අන්තිමට මම ඔයාව අභිබවා යනවා කියලා ඒත් අද ඔයාගේ එක හාදුවත් මාව දුර්වල කරනවා .. ඉස්සර වගේම .. ආයෙමත් මං දුර්වලයෙක් .. ඉස්සර මං ඔයා ලග දුර්වලයෙක් වෙන එකට ආස කරා .. ඒත් මට මේ පාර ඒ දේ කරන්න දෙන්න බෑ .. දැන් අපි අපි දෙන්නටම අයිති නෑ .. ඇයි ඔයාට ඒක තේරුම් ගන්න බැරි ටේ .. මේක වැරදි .. ගොඩක් වැරදී ..
ජන්කුක් වේදනාව , කඳුලු පිරුණ ඇස් වලින් ටේහ්යුන්ග් ගෙ මත් වුන ඇස් දිහා බලාගෙන ඉන්න ගමන් හිතින් හිතුවත් ඒ එකක්වත් වචන කරන්න උත්සාහ කරේ නෑ .. ටේහ්යුන්ග් ගෙ ඇස් දිහා බැලුව ජන්කුක් දැක්කෙ ටේහ්යුන්ග් ගෙ ඇස්වල පිරිලා තියෙන කෑදරකම .. තවත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්න ඕන නෑ කියල හිතුන ජන්කුක් එයාගෙ ඇස් ටේහ්යුන්ග් ගෙ ඇස් වලින් මගාරවගෙන අහක බලා ගත්තා ..
ජන්කුක් ඔහුගෙ මුහුණ ටේහ්යුන්ග් ගෙ ඇස් වලින් මගාරවාගන්න හිතාගෙන පැත්තකට හරවා ගත්තත් ඒක වාසියට ගත්ත ටේහ්යුන්ග් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා ජන්කුක් ගෙ කිරි සුදු පාට නිකැලැල් ගෙල ප්‍රදේශය තමන් සතු කර ගනිද්දි මුලින්ම ජන්කුක් කලබල වුනත් පස්සෙ කිසි කලබලයක් නැතිව ඒ විදියටම බලාගෙන හිටියා .. ටේහ්යුන්ග් ගෙ පුංචි පුංචි සියුම් සිපගැනීම් වගේම ඒ එක්කම සිදු වෙන සපාකෑම් නිසා ජන්කුක් හිටියෙ අමුතු හැඟීමක් විදින ගමන් .. ඒ දැනෙන හැඟීමට වගේම වින්දනයටත් එක්ක ජන්කුක් ගෙ දෑස් පියවෙලා තිබුනා වගේම ඒ ඇස් අගින් කඳුලු බිඳු කීපයක්ද ගලමින් තිබුනා ..
YOU ARE READING
SOLD BRIDE || Completed ✅️
Фанфикජීවිතේ ගැන ගොඩක් ලස්සන හීන දැකපු තරුණයෙක් .. ආදරවන්තයෙක් .. මනාලයෙක් .. ● ඒත් ඒ හීන ඔක්කොම එක විනාඩියකින් බිඳිලා ගියොත් ඒ හැඟීම කොහොම දැනේවිද ... ........ Tae ♡ Kook ...... Cover by @lchi_jk 2023/04/05 - Taehyung #1 🥇 ...