Three Months Later...Author's Pov...
වොශ් රූම් එකේ ඉඳන් එළියට ඇවිත් මීසු අමාරුවෙන් ඇවිදගෙන ඇඳ ගාවට ඇවිත් වාඩිවෙලා ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා... තව සති තුනකින් මීසුට ඩිලිවරි එකට ඩේට්ස් තියෙන නිසා මේ දවස්වල මීසු ඉන්නෙ හරි අමාරුවෙන්....
මීසු ටිකක් වෙලා ඇඳේ හේත්තු වෙලා ඉඳලා නැවිලා ඩුවට් එක අරගෙන ඒක උඩටම පොරවගන්නකොට ජිමින් කෑම ට්‍රේ එකකුත් එක්ක රූම් එකට ආවා...
" ඔයා වොශ් දාන් ඉවරද... "
ජිමින් ඇවිත් මීසුගෙ ලඟින් ඇඳේ ඉඳගන්න ගමන් අහනකොට මීසු හිනා වෙලා ඔලුව වැනුවා...
ජිමින් කෑම ට්‍රේ එක බෙඩ් ටේබල් එක උඩින් තියලා ට්‍රේ එකේ තිබුන සුප් බෝල් එක අතට අරගෙන තමන්ගෙ අතේ තිබුන හැන්දෙන් සුප් ටිකක් අරන් මුලින්ම එයා බීලා බැලුවා....
" හයියෝ... මන් මේක වතුර එහෙකට දාලා තියලා නිව්වත් එක්ක.... බලන්නකො තාම උණුයිනේ.... "
ජිමින් කටත් බෙරි කරන් පොලවෙ අඩි හප්ප හප්ප නහයෙන් අඩන ගමන් කියනකොට මීසු හිනාවෙලා එයාගෙ අතකින් ජිමින්ගෙ කම්මුලකට තට්ටුවක් දැම්මා...
" ඉතින් ඕක පැත්තකින් තියලා තියන්නකො චිම්... අපි පස්සෙ බොමු... ම්ම්ම් ? "
මීසු ජිමින්ගෙ ඇස් වලට වැටිලා තිබුන කොණ්ඩෙ උඩට උස්සන ගමන් කියද්දි ජිමින් කට උල් කලා...
" බෑ... ඔයා මේක බීලා ඉක්මනට නිදියන්න ඕනෙ... "
ජිමින් කියනකොට මීසු සුප් බෝල් එකට පිටපැත්තෙන් අත තියලා බැලුවා...
" එච්චර උණු නෑනෙ... බොන්න පුලුවන්... "
මීසු ජිමින්ට කියලා කට අරිද්දි ජිමින් හැන්දට සුප් ටිකක් අරන් එයාගෙ කට ලඟට ලන් කරලා දෙපාරක් තුන් පාරක් පිඹලා මීසුට පෙව්වා...
" වාහ්... මගෙ හබීට දැන් මටත් වඩා රසට කෑම උයන්න පුලුවන් නේ.... "
ටික වෙලාවකින් මුලු සුප් බෝල් එකම බීලා ඉවර වෙලා මීසු කියනකොට ජිමින් බෝල් එක ට්‍රේ එක උඩින් තියලා ටිශූ එකකින් මීසුගෙ කට පිහදවලා එයාට වතුර බොන්න දුන්නා...
YOU ARE READING
MR. COLDY
Romanceආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love And Care By SULA Cover by @Mochi_Bun